නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්විය.
සේවාලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
රාජකාරි අවශ්‍යතාවයක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණියද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති බවත්, කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව එම පැමිණිලිකාරිය විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලය අධීක්ෂණය කළ ජනාධිපතිතුමාට එහි ප්‍රමාණවත් සේවක පිරිසක් එහි සිටින බව නිරීක්ෂණය විය.
සේවා ලබා ගැනීමට පැමිණි ආබාධිත පුද්ගලයෙකු දැඩි අපහසුතාවට පත්වී සිටි අයුරු දුටු ජනාධිපතිතුමා ඔහුගේ අවශ්‍යතාව සහ තොරතුරු විමසා සිටීමටද පියවර ගත්තේය.
මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටු කිරීම රාජ්‍ය සේවකයන්ගේ මූලික වගකීම බව කාර්ය මණ්ඩලය හමු වූ ජනාධිපතිතුමා අවධාරණය කළේය.