එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් වන බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයට පත් කොට ඇත.
අද පස්වරුවේ පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විපක්ෂනායකවරයා මේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මුජිබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.