• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ණය ගැන ජපානය එක්ක තිබ්බ සාකච්ඡා අවසන් බව රනිල් කියයි! හැබැයි ප්‍රතිපලය ගැන කියලා නෑ!

January 14, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල්ගේ ප්‍රධානත්වයෙන් ආහාර කමිටුව රැස්වෙයි!
Share on WhatsAppShare on Facebook

රටක් ලෙස අප මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති නයෝජිතයන් සමඟ ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.

රටේ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබු මෙම හමුවට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ‍යේ වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයන් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටක් ලෙස විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකිවීම තුළින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා වඩා සාර්ථක කර ගැනීමට රජය සමත් වී ඇති බවයි.

මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ ආර්ථිකය යහපත් තත්ත්වකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා 2024 වසරේ එම තත්ත්වයේ වඩාත් ප්‍රගතියක් අත්කරගත හැකි වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යමින් ජනතාවට සහන සැලසීමට නම් රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශය ද ශක්තිමත් විය යතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අද ජනතාව විඳින දුෂ්කරතා තමන් අමතක කර නොමැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙසේ හෝ ජනතාවට සහන ලබාදීමට ද කටයුතු කරන බව පැවසීය.
සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු, අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
අපි ඉන්නේ කඩා වැටුණු ආර්ථිකයක් ඇති රටක. ආර්ථිකය කඩා වැටුණ රටක ජනතාවට විඳීමට සිදුවන දුෂ්කරතා අමුතුවෙන් කිවයුතු නැහැ. අද රටේ ජනතාව විඳින දුක මම හොඳට දන්නවා. අපි දකිනව රැකියා අඩුවෙනවා. උද්දමනය නිසා විශේෂයෙන් ජීවන බර වැඩිවෙලා තිබෙනවා. ජනතාවගේ ජීවන චර්යාව වෙනස් වෙනවා. එදා තිබුණ පහසුකම් නැති වෙලා තිබෙනවා. අධ්‍යාපන, සෞඛ්‍ය සෑම ක්ෂේත්‍රයකටම මෙය බලපා තිබෙනවා. මේ හැම එකක්ම මේ ආර්ථිකය කඩා වැටීම සමඟ ඇතිවන තත්ත්වයන්. මෙය සිදුවූයේ කෙසේ ද කියා දැන් කතා කරලා වැඩක් නැහැ. දැන් එය සිදුවී අවසන්.

දැන් අපට තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනිම පමණයි. නැත්නම් අපට ගොඩ එන්න බෑ. අපි එම මාර්ගයේ යනවද නැතිනම් වැටී සිටිනවද යන්න අප තීරණය කළ යුතුයි. මම උත්සාහ කරන්නේ මේ වැටී ඇති රට ඉක්මණින් ගොඩගැනීමටයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අපි මේ වන විට සිදුකරගෙන යනවා. අපි ණය ලබාගත් ප්‍රධාන රටවල් තුන වන ජපානය, චීනය සහ ඉන්දියාව අතරින් ජපානය සමඟ පැවති සාකච්ඡා අවසන් වී තිබෙනවා. අපි චීනයේ EXIM බැංකුව සමඟ මේ සතියෙ සාකච්ඡා කළා. දැන් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මෙම 19 වැනිදා ලංකාවට එනවා. ඔවුන් සමඟ සිදුකෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කරන්න. අපි පියවරෙන් පියවර මෙම කටයුතු ඉදිරියට කරගෙන යනවා.

මෙම සාකච්ඡා අවසන් විමෙන් පසු අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.7ක් වාරික තුන හතරකින් ලැබෙනවා. ඊට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මේ සියල්ලෙන් තව බිලියන පහක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව මේ වසර අවසානයේ දී ජපානය සමඟ විවිධ වැඩසටහන් ගණනාවක් නැවත ආරම්භ කළ හැකියි. අපි ඒ කටයුතු කරගෙන යනවා.

ඒ සමඟම තව එක ප්‍රශ්නයක් තිබෙනවා. ගෝලීය වශයෙන් යුරෝපයේ සහ ඇමරිකාවේ ආර්ථික වර්ධනය දැන් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. එම තත්ත්වය තුළ ලබන වසරේදී අපේ අපනයන වෙළඳපොළ අඩු විය හැකියි.

අපි අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගත යුතුයි. මේ වසර අවසන්වන විට රටේ ආදායම වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබෙයි. එවිට ජනතාවට යම් සහන ලබාදිය හැකියි. ඊට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා රාජ්‍ය අංශය පමණක් නොව පුද්ගලික අංශය ද ශක්තිමත් විය යුතුයි. නැතිනම් එතන පරතරයක් ඇතිවෙනවා.

පළමුව ජනතාවට ලබාදිය හැකි සහන මොනවාද කියා අපි සොයා බැලිය යුතුයි. සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මෙම මාර්තු,අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාවට නංවා තිබෙනවා . අපි බලාපොරොත්තු වෙනව මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ හොඳ තත්ත්වයක් ඇතිවෙයි කියල.

2024 වන විට අපි බලාපොරොත්තු වන වර්ධනය ඇතිකරගත හැකියි. එතෙක් සියලුදෙනාට මේ අසීරුතාවලට මුහුණදීමට සිදු වෙනවා.
අද මෙතැන සිටින අය අතරින් වැඩිම දුෂ්කරතාවලට මුහුණදී සිටින්නේ වැඩ කරන ජනතාව හා කුඩා ව්‍යාපාරිකයින්. ඒ වගේම රාජ්‍ය මෙන්ම පෞද්ගලික බැංකුවලද ගැටලු මතු වී තිබෙනවා. අපි බැංකු පද්ධතිය ආරක්ෂාකරගත යුතුයි. බැංකු ආරක්ෂා කරන විට ඉන් ණය ලබාගන්නා කුඩා ව්‍යාපාර කඩා වැටිය හැකියි. එවිට ගන්නා පියවර කුමක්ද. 2024 සිට ආර්ථිකය හැසිරවිය යුත්තේ කෙසේ ද, ව්‍යාපාරවල තරගකාරීත්වය ආරක්ෂා කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. එසේ ම වැඩ කරන ජනතාවට සහන ලබාදිය යුතුයි.

රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික වෙළෙඳ ව්‍යාපාර, වෙළෙඳ මණ්ඩල, වෘත්තිය සමිති ගොවි ජනතාව මේ සියලුදෙනා එක් කරගෙන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අපි මේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද කියා අවම වශයෙන් සමාජ ගිවිසුමක රාමුවකට එළඹෙන්න මම යෝජනා කරනවා

මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
පසුගිය මාස කිහිපය තුළ රජය ගත් පියවර නිසා අද රටේ ආර්ථික තත්ත්වය යම් තාක් දුරට වෙනස් වෙමින් පවතිනවා. නමුත් ඉදිරියට එම තත්ත්වය වඩා ශක්තිමත් කිරිමට නම් අප සහයෝගයෙන් නිෂ්පාදන හා සේවාවන් වැඩිදියුණු කර ලබාදිය යුතුව තිබෙනවා. ඒ මත තමයි රටක් ලෙස හිස එසවිය හැකි වන්නේ. ඒ සඳහා වැඩකරන ජනතාවගේ සහභාගිත්වය ඉතා වැදගත් වෙනවා.
අපි සියලුදෙනා එකමුතුව මෙම අභියෝග ජයග්‍රහණය කළයුතුයි. මෙම ත්‍රෛපාක්ෂික සංවාදය පවත්වා අවසානයේ එය සමාජ ගිවිසුමක් බවට පරිවර්තනය කර නව අවස්ථාවකට පිවිසීමට ඔබ සියලුදෙනා දායක වනු ඇතැයි මම විශ්වාස කරනවා.
අද මේ රට පත්ව ඇති තත්ත්වය පිළිබඳ අවබෝධයක් සියලුදෙනාට තිබෙනවා. කවුද මේ තත්ත්වය ඇති කළේ කියලා කාටවත් දොස් නගමින් සිටිය හැකි කාලයක් නොවෙයි මෙය. සියලුදෙනා එකතුවි මේ රට ගොඩනැගීමට උත්සාහ කළ යුතුයි. එම කාර්ය සඳහා සම්පූර්ණ සහයෝගය ලබාදීමට මේ රටේ වැඩකරන ජනතාව සූදානම් බව මම විශ්වාස කරනවා.

වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයන් ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් දැක්වූ අතර ජනාධිපති ‍ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශ්‍ය
2023-01-14

SendShareShare
Previous Post

චීනෙයි ඉන්දියාවයි තරගෙට ලංකාවට! චීන ලොක්කෙක් අද ආවා! යන්නේ 18 වැනිදා! එයා යනවත් එක්කම 19 වැනිදා ඉන්දියාවේ ලොක්කෙක් එනවා!

Next Post

කොළඹ පුරපති අපේක්ෂක මුජිබර්! සජිත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශයට පත් කරයි! EXCLUSIVE

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.