මේ වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වෛරසය සමාජගත වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් මහතා පෙන්වා දෙයි.
කොවිඩ් දෙවැනි රැල්ලේ දී ආසාදිතයින් හමුවීම, මියයන කොවිඩ් ආසාදිතයින් පිළිබඳ අවධානය යොමුකිරීමේ දී සමාජයේ කොපමණ ස්ථර ප්‍රමාණයකට මෙය පැතිර ගොස් ඇත්දැයි යන කාරණය සමාලෝචනය කළ යුතුව ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කරයි.
කොවිඩ් සමාජගත වීම හේතුවෙන් දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන් ගණන ඉහළ ගොස් ඇතැයි ද වෛද්‍ය මුදිත අබේකෝන් මහතා පැවසීය.
කෙසේවෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ කොරෝනා රෝගය තවම සමාජගත වී නැති බවය.










