කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 3,441 දෙනෙකු ඊයේ (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 154,784ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,165 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 123,532ක් විය.









