රටේ පවතින කොවිඩි වසංගත තත්ත්වය හමුවේ අධිවේගී මාර්ග භාවිතා කරන සියළුම ගිලන් රථ සදහා අද දින සිට (20) සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී.
ඒ අනුව අද සිට අධිවේගී මාර්ග වල ගමන් ගන්නා සියළුම ගිලන් රථ වලින් ගාස්තු අය නොකෙරේ.
මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාව වෙනුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියළුම ගිලන් රථ ගාස්තුවලින් නිදහස් කිරීමේ තීරණය ගත් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.










