• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

කොරෝනා බය-පොලිස් තග-උසාවි නියෝග-මාධ්‍ය මඩ මැද
‘ගෝඨා වැහුවා අපි ආවා’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 20, 2021
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
කොරෝනා බය-පොලිස් තග-උසාවි නියෝග-මාධ්‍ය මඩ මැද  ‘ගෝඨා වැහුවා අපි ආවා’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘මුහුණු සයකි – අත් දොළසකි මයුරා පිට වාහනේ…
රුහුණු රටේ ඉන්නා ස්කන්ධ කදිර දේව සුරිඳුනේ…
වානු බැරිය අපෙ දරුවන් උස්සන් ගිය කාරණේ….
දේව බලෙන් සුන් කළ මැන ප්‍රේමදාස පාලනේ…’

මේ, 1992 රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ කතරගමට ගිය පාද යාත්‍රාවේ කී කවියය. ඒ පාද යාත්‍රාවට එවක ජනාධිපති ප්‍රේමදාස කීවේ ක්‍රෝධ යාත්‍රාව කියාය. පාද යාත්‍රාව ගියේ ප්‍රේමදාස සුන් කරන්න පොල් ගහන්නටය.

‘අපි පාද යාත්‍රාවේ ගිහින් පොල් ගහල අවුරුද්දක් ගියේ නැහැ. ප්‍රේමදාස මහ පාරේ බල්ලෙක් වගේ මැරුණා…’

පාද යාත්‍රාවට වසරක් පිරෙන දින මහින්ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කෑගැසුවේ එහෙමය.

එහෙව් මහින්ද 2005 ජනාධිපති විය. 2005 සිට 2014 තෙක් වසර 09ක් රට පාලනය කළේය. හැබැයි එවක විපක්ෂය වූ රනිල්ගේ යූ.ඇන්.පී.ය මහින්දට එරෙහිව කොළඹට ජනතාව ඒකරාශි කරන පාද යාත්‍රාවක් හෝ ජන බල මෙහෙයුමක් සංවිධාන කළේ නැති නිසා මහින්ද ජනාධිපති ධුරයේ සිටියදී ඔහුට එරෙහි මහජන විරෝධයක් දැක තිබුණේ නැත. රනිල්ගේ විපක්ෂය 2000 සහ 2001ත්, 2005ත් චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව කොළඹට ජනතාව ඒකරාශි කරන ජන බල මෙහෙයුම් දියත් කොට තිබිණි. අවසන් ජන බල මෙහෙයුම 2005 චන්ද්‍රිකා ජනාධිපතිවරණය කල් දැමීමට එරෙහිව දියත් කළ ජන බල මෙහෙයුමය. 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද ජය ගත් පසු රනිල්ගේ විපක්ෂය මහින්දට එරෙහිව ජන බල මෙහෙයුම් දියත් කළේ නැත. 2012 දී කොටුවේ උද්ඝෝෂණයක් දියත් කරනු ලැබීය.

එහෙම බලන කොට ප්‍රේමදාසගේ ආණ්ඩුවට එරෙහිව පාද යාත්‍රා ගිය මහින්ද ඔහුටත් ඔහුගේ සහෝදරයා ජනාධිපති ගෝඨාභයටත්, ඔහුගේ පවුලටත් එරෙහිව මුහුණ දුන් විශාලතම මහජන විරෝධය සජිත්ගේ සමගි ජන බලවේගය සංවිධාන කළ ‘ශාපය දැන් ඇති’ මහජන විරෝධයය.

‘ප්‍රේමදාසට පොල් ගහන්න ගිය තමාට එරෙහිව, ප්‍රේමදාසගේ පුතා කොළඹට මහජනතාව ඒකරාශි කරයි කියලා මහින්ද කවදාවත් හිතුවාද?’

ඇත්තෙන්ම නැත. ප්‍රේමදාසට එරෙහිව මහින්ද ගියේ පාද යාත්‍රා පමණක් නොවේ. ‘ජන ඝෝෂා’ වැනි විවිධ විරෝධතා සංවිධාන කළේය. එලෙස ප්‍රේමදාසට එරෙහිව පාද යාත්‍රා ගොස් ‘ජන ඝෝෂා’ කරමින් ප්‍රේමදාස ඝාතනය වූවාට පසු මහින්දලා 1994 මැයි පෙළපාළියේ ගියේ ප්‍රේමදාස ඝාතනය කළ ‘බාබු බුදුවේවා’ කියන සටන් පාඨය කියමින්ය.

ප්‍රේමදාස ඝාතනයට පසු යූ.ඇන්.පී. ආණ්ඩුව පෙරළුණි. මහින්දලා චන්ද්‍රිකාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය. මහින්ද කම්කරු ඇමැති ලෙස දිවුරුම් දෙනුලැබීය. මහින්දගේත් රාජපක්ෂ පවුලේත් දේශපාලන බළකොටුව වූයේ හම්බන්තොටය. මහින්ද හම්බන්තොට බෙලිඅත්තෙන් පාර්ලිමේන්තුවට ආවේ 1970දීය. 70 පරාජයට පත්විය. එතැන් සිට ප්‍රේමදාස ඝාතනය වන තෙක් මහින්දලාට මුල්කිරිගල අතුරු මැතිවරණය හැරෙන්න හම්බන්තොට එක ඡන්දයක් දිනන්න බැරි විය.
වමේ රාජපක්ෂ බළකොටුව ලෙස ප්‍රකට හම්බන්තොට ජේ.ආර්. සහ ප්‍රේමදාස යූ.ඇන්.පී. බළකොටුවක් බවට පත් කළහ. 1994 මහින්ද යළි හම්බන්තොට රාජපක්ෂ බළකොටුවක් බවට පත් කරගත්තේ ආයෙත් ප්‍රේමදාසලා බිහිවන්නේ නැහැ කියා හිතාගෙනය. 1994දී සජිත්ට ඔහුගේ පියාගේ මැද කොළඹ ආසනය දීම රනිල්ගේ යූ.ඇන්.පී.ය ප්‍රතික්ෂේප කළේය. සජිත් හම්බන්තොට යන්න තීරණය කළේ තම පියාට පොල් ගහපු නායකයාගේ බළකොටුවට පය තබන්නටය.

මහින්ද සජිත්ගේ පැමිණීම නොරිස්සුවේය. ඔහු රනිල් සජිත්ව පක්ෂය තුළ කොන් කරන බව දැන රනිල් ලව්වා සජිත්ගේ සංවිධාන යාන්ත්‍රණය දුර්වල කළේය. රනිල්ද සජිත්ට ගහන්න පාවිච්චි කළේ මහින්ද සහ මර්වින් සිල්වාය. ඒත් සජිත් 2000 මහ මැතිවරණය, 2001 මහ මැතිවරණය, 2002 පළාත් පාලන ඡන්දය හම්බන්තොටින් ජය ගත්තේ අතිවිශිෂ්ට ලෙසය. ඔහු පරාජය වූයේ 2004 මහින්ද විපක්ෂ නායක වී නොනිල අගමැති අපේක්ෂක ලෙසත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ව්‍යාපාරයේ නායකයා ලෙසත් ඉල්ලපු මහ ඡන්දයය. එතැන් සිට මහින්ද ජනාධිපති වී ඉල්ලපු හැම ඡන්දයම මහින්ද දින්නේය. රණසිංහ ප්‍රේමදාසත් ඔහුගේ පුතා සජිත් ප්‍රේමදාසත් හම්බන්තොට බළකොටුව තම පවුලට අහිමි කරන්න සමත් වූ බව මහින්ද දනී. මේ නිසාම මහින්දට සජිත් ගැන ඇත්තේ බියකි. ඔහු රනිල් පාවිච්චි කොට සජිත් යූ.ඇන්.පී. නායකයා බවට පත්වීම වළක්වා ගත්තේය. සජිත් සමගි ජන බලවේගය පිහිටුවා යූ.ඇන්.පී. බලය සියතට ගෙන විපක්ෂ නායක වූ පසුත් මහින්ද, රනිල්ට බල කොට රනිල්ව පාර්ලිමේන්තු ගෙන්වා ගත්තේ සජිත්ගේ පක්ෂය කඩා ඉහිරවන්නටය.

එහෙත් සජිත්ව දේශපාලන භූමියෙන් කොන් කරන්න මහින්ද ගහපු හැම ගේමම ෆේල් බව පේන්නේ පසුගියදා මහින්දට සහ රාජපක්ෂලාට එරෙහිව කොළඹ ගහපු ගේමෙන්ය. රණසිංහ ප්‍රේමදාස මහින්ද පාද යාත්‍රා යද්දී, ජන ඝෝෂා පවත්වද්දී පොලිසිය යොදවා ඒවා මර්දනය කළේ නැත. ඒවාට බාධා කළේත් නැත.

ඒත් ගෝඨාභය සහ මහින්දගේ ආණ්ඩුව සජිත් කොළඹට සෙනඟ ගෙන්නනවා යැයි දැනගත් විගස පළමුව කළේ යූ.ඇන්.පී.යට කොළඹ විරෝධයක් පවත්වන්න ඉඩ දීමය.

සජිත්ගේ සමගි ජන බලවේගය කොළඹට මහජනතාව එක්රැස් කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ විට යූ.ඇන්.පී.ය නින්දෙන් නැඟිට්ටා සේ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් පැවැත්වීය. බැනර් කිහිපයකට සහ සුළු පිරිසකට සීමා වූ එම විරෝධතාවට රාජපක්ෂලාට කඩේ යන මාධ්‍යවලින් ලැබුණේ දැවැන්ත ප්‍රචාරයකි.

ඉන් පසු ආණ්ඩුව හදිසියේම සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති රීති ප්‍රකාශයට පත් කළේ රැස්වීම් තහනම් කරමිනි.

පොලිස්පතිවරයා වෙනම නිවේදනයක් නිකුත් කරමින් කීවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩා රැස්වීම්වලට එන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවය.

පොලිස් ඇමැති කීවේ කොළඹට ආවොත් හොඳ පාඩමක් උගන්වන බවය.

ඒත් සජිත්ගේ සමගි ජන බලවේගය ප්‍රකාශ කළේ තමන් කොළඹට එන බවය. විරෝධතා පවත්වන්න නියමිතව තිබුණේ අඟහරුවාදාය. සඳුදා පොලිසිය බස්නාහිර පළාතේ උසාවිවලට ගොස් සමගි ජන බලවේගයේ විරෝධතාව නවත්වන්න නියෝග නිකුත් රන ලෙස ඉල්ලා සිටියේය. ඇතැම් උසාවි එම නියෝග දුන්හ. එහෙත් බොහෝ උසාවි එලෙස නියෝග දීම ප්‍රතික්ෂේප කළහ. එවිට රාජපක්ෂලාට කඩේ යන ස්වාධීන යැයි කියාගන්නා මාධ්‍ය ප්‍රචාරය කළේ සමගි ජන බලවේගයේ විරෝධයට තහනම් නියෝග දුන් උසාවිවල තීන්දු පමණි.

ඉන් එහාටත් යමින් මේ මාධ්‍ය සමගි ජන බලවේගයේ විරෝධය අවලංගුයි කියා ප්‍රචාරය කළහ. මේ මාධ්‍ය වෛද්‍යවරු ලවා කොරෝනා බෝවන නිසා කොළඹට එන්න එපා යැයි ප්‍රකාශ නිකුත් කරවා ගෙන තම මාධ්‍යවල ඒවා ප්‍රචාරය කළහ. පොලිසිය කොළඹට එන බස්වල බලපත්‍ර අහෝසි කරන බවට තර්ජනය කළහ. කොරෝනා බෝකරනවා යැයි කියා අත්අඩංගුවට පත්වන මිනිසුන් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යන හැටි සමගි ජන බලවේගයේ විරෝධයට එන මිනිසුන් ඇඳිරි නීති කාලයේ ඇස් දෙකෙන් දැක තිබිණි. ඒත් ඔවුහු බය නැතුව කොළඹ එන්න බස්වලට නැග්ගාහ.

විරෝධතාව පැවැති දිනට පෙර රාත්‍රියේම කොළඹට පිට පළාත්වලින් ඇතුළු වන ස්ථානවල මාර්ග බාධක යොදා පොලිසිය යොදවා තිබිණි. රට පුරා පොලිසිය යොදවා තිබුණේ යුද්ධයකට සූදානම් කරනවා මෙන්ය. ආණ්ඩුව මෙතරම් බයවී සංවිධාන වුණේ විරෝධතාවට මහ ජනකායක් එන බව ආණ්ඩුවේ බුද්ධි අංශ දුන් වාර්තා නිසා බව පුංචි ළමයකුට වුවද තේරුම් ගැනීම අසීරු නැත. කොළඹට එන බස් රථ මාර්ග බාධකවල නවතා විරෝධතාවයට පැමිණෙන මිනිසුන්ගේ හඳුනුම්පත ලියා ඔවුන්ව හරවා යවන මෙහෙයුම රට පුරා දියත් විය.

ඒත් මේ සිදුවීම් ස්වාධීන යැයි කියාගන්නා ජාතික යැයි කියාගන්නා කිසිදු මාධ්‍යයක් වාර්තා කළේ නැත. ආණ්ඩුව හිතුවේ උසාවිය සහ පොලිසිය පාවිච්චි කරලා සමගි ජන බලවේගය බයකරන්නටය. ඒත් බය නැතිව ඔවුන් මිනිස්සු ගේනවා නම් මාධ්‍යවලින් ඒවා ප්‍රචාරය වීම වළක්වාලීමට දෙවැනි උපාය විය.

මේ උපායන් දෙකම අසාර්ථක වූයේ ආණ්ඩුවට සහ රාජපක්ෂලාට කඩේ නොයන අභීත මාධ්‍ය දෙක තුනක් සහ සමාජ මාධ්‍ය නිසාය. සමාජ මාධ්‍ය හරහා කොළඹට එන බස් රථ හරවා යවන වීඩියෝ ප්‍රචාරය වීමත් සමග රාජපක්ෂලාට කඩේ යන ස්වාධීන යැයි කියාගන්නා මාධ්‍යවල පඬුපුල් ආසන රත්විය.

මේ අවුඅස්සේ සමගි ජන බලවේග විරෝධයට බෝම්බ ගසන බවට තුණ්ඩුවක්ද සජිත්ගේ ආරක්ෂකයන් අතට පත් කළේ බෝම්බ බිය දමා මෙය නතර කරන්නටය. මෙම ප්‍රචාරය පිළිබඳ රාජපක්ෂලාට කඩේ යන ස්වාධීන යැයි කියාගන්නා මාධ්‍ය විශාල ප්‍රචාරයක්ද දුන්හ.

ඒත් මහ සෙනගක් කොළඹට ආහ. කොරෝනා බය මැද, උසාවියේ නියෝග, පොලිසියේ තර්ජන, බෝම්බ බිය, මාධ්‍යයේ බොරු ප්‍රචාර සහ මාධ්‍යයේ වාරණ මැද ආ එම සෙනඟ කී සටන් පාඨ දෙකකි.

‘ගෝඨා වැහුවා අපි ආවා…’

‘ඇයි සජිත්ට බය…?’

රාජපක්ෂලා කාටද බය කියන එක මේ විරෝධයේ මිනිසුන්ගේ කටවල්වලින්ම එළියට ආ සටන් පාඨවලින් පැහැදිලිය. මෙතෙක් කල් ආණ්ඩුවට කඩේ නොගිහින් සද්දෙ වහල හිටිය විමල්, උදයලාද විරෝධයට ගහන්න කුලප්පු වූයේ උසාවිය, පොලිසිය මාධ්‍ය යොදවා හිර කළ මේ විරෝධය මහජන සුනාමියක් වන දිනය අත ළඟ බව දැනගෙනය. මහින්දලා, ප්‍රේමදාසට දුන්න වදය මහින්දලාටත් ප්‍රේමදාසගේ පුතා අතින්ම කන්න සිදුවීම පුදුමසහගතය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මැක්ඩොනල්ඩ් ගින්න නිවයි! අවන්හල විනාශයි! (VIDEO)

Next Post

ඇදහිය නොහැකි ජල කඳකින් තිරුපති යටවෙයි! ‌කෝවිල වසා දමයි! (VIDEO)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.