කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය අසළ පිහිටි මැක්ඩොනල්ඩ් අවන්හලේ ගින්න මේ වනවිට මැඩ පවත්වා ඇත බව වාර්තා වේ.
අද (20) අළුයම 05.30ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න හේතුවෙන් අවන්හල පිහිටි ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇත.
ගෑස් කන්දුවක් සිදුවී හටගත් පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න ඇතිව ඇති බව වාර්තා වේ.
කොළඹ මහනගර සභාවට අයත් ගිනිනිවීමේ රථ 6ක් යොදා ගනිමින් මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බව දැනගන්නට තිබේ.
ගින්නෙන් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි රථගාලේ රැඳී සිටි තරුණයින් දෙදෙනෙකු එහිදී සුළු තුවාල ලබා ඇති බවය.
ඔවුන් දෙදෙනා රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.










