කොරෝනා එන්නත අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අද (22) දිනයේදී සංකේතාත්මකව පිළිගැන්වීමට නියමිතව ඇති බවට පළව ඇති පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව අගමැති මාධ්‍ය ඒකකය අවධාරණය කරයි.
එම මාධ්‍ය ඒකකය පෙන්වා දෙන්නේ එවැනි කිසිදු සිදුවීමක් අද දින සිදුව නැති බවකි.
එමෙන්ම කිසිවකු විසින් හෝ එවැන්නක් පිළිබද අගමැතිවරයාට දැනුම් දී නොමැති බවද මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අගමැතිවරයා ඇතුලු එම පාර්ශ්වයට යම් අපහසුතාවක් විනි නම් අපගේ කනගාටුව පළකර සිටිමු.










