• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටසක් වැඩට ගියත් තව කොටසක් අදත් වැඩ වර්ජනයේ!

March 16, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රජයේ සේවකයන් අද පාරට! හවස කොළඹ යනවා නම් බලාගෙන!
Share on WhatsAppShare on Facebook

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ ඇතැම් වෘත්තීය සමිති තවදුරටත් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරතව සිටී. 

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය සඳහන් කළේ,  පෙරේදා දිනයේ සිට ක්‍රියාත්මක කරන අකුරට වැඩ කිරිමේ ව්‍යාපාර ලබන 21 වනදා දක්වා තවදුරටත් ක්‍රියාත්මක බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ,  තම සංගමය   අඛණ්ඩව වැඩ වර්ජනයේ  නිරත වන බවයි. 

මේ හේතුවෙන් අද දිනයේත් විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතුවලට බාධා සිදුවුණු අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බැන්නහැක මහතා පැවුසවේ,  සිය සංගමය තවදුරටත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ කටයුතුවලට සම්බන්ධ නොවීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් බදු, බැංකු පොලී, ජීවන වියදම් දීමනා ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගෙන  ආරම්භ කළ වැඩ වර්ජනය වෘත්තිය සමිති රැසක් අද උදෑසන තාවකාලිකව අවසන් කළේ ය. 

ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන මහතා වෙත ජනාධිපති ලේකම්වරයා එවා ඇති ලිපියක් පදනම් කරගනිමිනි

ඊයේ ක්‍රියාත්මක වූ එක්දින වැඩ වර්ජනය සඳහා රජයේ වෛද්‍යවරුන් , විශේෂඥ වෛද්‍යවරුන් , විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි සේවකයින් , බැංකු නිලධාරීන් , ඛනිජ තෙල් , ජල සම්පාදන , මාර්ග සංවර්ධන , අධ්‍යාපන පරිපාලන , මිනින්දෝරු , දේශීය ආදායම් ඇතුළු  වෘත්තීය සමිති 47 ක් එක්ව සිටියේ ය. 

ඔවුන් ප්‍රකාශ කළේ, රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36 %දක්වා පනවා ඇති උපයනවිට ගෙවීම් බද්ද ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් දැඩි අර්බුදයකට පත් කර ඇති බවයි.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බව පවසමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ එක් පාර්ශවයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අවසන් කළේ,  අද පෙරවරු 8ටයි.

දිමනා කප්පාදුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඊයේ දිනයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද පෙරවරු 6.30ට තාවකාලිකව අවසන් කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව ද ප්‍රකාශ කළේ ය.  

වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද පෙරවරු 7ට.00 අවසන් වූ අතර විදුලි සේවකයින් ඊයේ දිනයේ ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජන ක්‍රියා මාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියේන් අවසන් විය. 

මේ අතර අද පෙරවරුවේ බැංකු කටයුතු ද සාමන්‍ය පරිදි සිදු වූ අතර , වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුවට සහය පළ කරමින් දිවයින පුරා තැපැල් සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ද  ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව  තැපැල් එකාබද්ධ වෘත්තිය සමිති පෙරමු‍ණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය. 

අද දිනයේ දුම්රිය ධාවනය ද යථා පරිදි සිදු කෙරුණ අතර දුම්රිය සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අවසන් කළ බව ලොකොමෙටිව් දුම්රිය ඉංජිනේරු සංගමයේ සභාපති කේ.යු කොන්තසිංහ මහතා සඳහන් කළේ ය. 

ගුරු ,විදුහල්පති සංගම් ද වර්ජනයෙන් ඉවත් වී ඇති අතර අද දිනයේ සාමාන්‍ය පරිදි රජයේ  පාසල්වල  කටයුතු  සිදු විය. 

ඊයේ දිනයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති රැසක් වැඩවර්ජනයක්  ක්‍රියාත්මක කළේ , රුපියල් විසිදහසක ජිවන වියදම් දිමනාවක් ලබා දිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමිනි.  නිව්ස් ෆස්ට්

SendShareShare
Previous Post

කැනඩා මහකොමසාරිස් එරික් වොල්ස් සජිත් හමුවන්න එයි! රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරයි! PHOTOS & VIDEO

Next Post

ඡන්දෙ ගැන කතා කරන්න මැතිවරණ කොමිසම 23 දා සියලුම පක්ෂ මහලේකම්වරුන්ට එන්න කියයි!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.