මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසට ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය සතියේදී විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයට විශේෂ ආරාධනාවක් සිදුකළේය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටියේ මේ වනවිට සමගි ජන බලවේගය පාතාල අපරාධකරුවන් සමග හෝ මත්කුඩු ජාවාරම්කරුවන් සමග කිසිදු සම්බන්ධතාවක් නොපැවැත්වීම හේතුවෙන් එම පක්ෂයටද මේ සඳහා ආරාධනා කරන බවකි.
මීට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ නියෝජිතයන් සඳහන් කර සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කිරීම සඳහා ගෙනයන ඕනෑම වැඩපිළිවෙළකට සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව සහාය පළකරන බවකි.
ඒ සම්බන්ධයෙන් කිසිදු දෙගිඩියාවක් තබා නොගන්නා ලෙසද සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට දැනුම් දී සිටියේය.










