විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මැතිනිය සම්බන්ධයෙන් ජවිපෙ සිදු කරන චෝදනාවකට පිළිතුරු ලබා දීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබිණ.
එහිදී සමගි තරුණ බලවේගයේ ප්‍රධාන ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජනාධිපති බිරියකට පනත මගින්ම හිමි වරප්‍රසාද රැසක් ඇය රැගෙන නොමැති බවකි.
ඒ අතර නිල වාහනයක්, නිල නිවසක්, බැකප් රථයක් තිබුණද ඇය ඒ කිසිවක් ගෙන නොමැති බවත්, අදටත් ඇය සිටින්නේ පෞද්ගලික නිවසක බවත් ලැනරෝල් මහතා කීය.
අන් අයට චෝදනා කිරීමට පළමු ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ බිරියට සහ ළමයි පස් දෙනාට සාධාරණය ඉටු කරන ලෙසද ලැනරෝල් මහතා ජවිපෙන් ඉල්ලා සිටියේය.