මැද පෙරදිග සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් මෙරට එක් මූල්‍ය ආයතනයකට රුපියල් හතළිස් නව කෝටියක මුදලක් රහසිගතව එවා එම ගිණුමෙන් මෙරට සිටින අනෙක් ජාවාරම්කරුවන්ගේ ගිණුම්වලට මුදල් අදින රහස් ක්‍රමවේදයක් රහස් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ දැනට වසර කිහිපයකට පෙර මොරටුව ප්‍රදේශයේදී ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල නායකයෙකු ඩුබායි වලට පැන ගොස් එහි සිට මෙරටට එවා තිබූ රුපියල් දහතුන් කෝටි හැට ලක්ෂයක මුදලක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී අදාළ රහස් මුදල් හුවමාරුව පිළිබඳව තොරතුරු හෙළි වී ඇති බවය.
හතළිස් නව කෝටියක මුදල මෙහිදී ලබා ගත් සැකකරු දැනට මාස කිහිපයකට පෙර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර දහතුන් කෝටියට අදාළ සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සති අන්තයේදීය.
මත්ද්‍රව්‍යවලට අදාළ රට සල්ලි මෙරටට එවන මාර්ග පිළිබඳ වැදගත් තොරතුරු රැසක් රහස්ද පොලිසිය විසින් හෙළි කර ගෙන තිබේ.










