• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කියුබාව වෙනුවෙන් පෙරටුගාමීන් පෙරට එයි! සම්බාධක ඉවත් කරනු! අමෙරිකාවට දැනුම් දෙයි!

October 23, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කියුබාව වෙනුවෙන් පෙරටුගාමීන් පෙරට එයි! සම්බාධක ඉවත් කරනු! අමෙරිකාවට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

මෙම නොවැම්බර් 02 සහ 03 දෙදින තුළ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයක් පැවැත්වෙන අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදය විසින් කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීමේ සහ කියුබාව ත්‍රස්තවාදී රාජ්‍යයන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වේ.

1992 සිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර අනුමත කරන නමුත් එක්සත් ජනපදය එසේ සම්බාධක ඉවත් කිරීමට සූදානම් නැත. වසර 30ක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය ලෝක ජනමතය නොතකා කියුබානු ජනතාවට එරෙහි ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කරමින් සිටින අතර ලංකාවේ නිර්ධන පන්තිය ප්‍රමුඛ ලාංකීය ජනතාව ලෙස අපි එම ප්‍රහාරය දැඩිව හෙලා දකිමු.

1959දී ඒකාධිපති බැටිස්ටා පලවා හැර කියුබානු ජනතාව සමාජවාදී ජනරජයක් ප්‍රකාශයට පත් කළ දිනයේ සිට එක්සත් ජනපදය මේ කුඩා රාජ්‍යය විනාශ කිරීමේ මෙහෙයුම් ආරම්භ කළේය. එහි උච්ඡස්ථානය සනිටුහන් කරමින් 1962 වසරේ සිට ඇමරිකා එක්සත් ජනපදය විසින් කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික ,වාණිජ හා මූල්‍ය සම්බාධක 190ක් හේතුවෙන් කියුබානු ජනතාව දැඩි පීඩනයට නතුකර තිබේ.

එක්සත් ජනපදයේ කෙනඩි පාලනය විසින් පනවන ලද ආර්ථික සම්බාධක යම් ප්‍රමාණයකට හෝ ඔබාමා පාලනය විසින් ඉවත් කිරීම යහපත් වර්ධනයක් වුවත් එමගින් ඉවත්වූයේ යැංකි තහංචිවලින් 15%ක සොච්චමක් පමණි. ඉන්පසුව පැමිණි ට්‍රම්ප් පාලනය විසින් එම 15% ද යලි පනවා, තවත් සම්බාධක නීති 243ක් පනවනු ලැබූ අතර බලයෙන් ඉවත්වීමට සතියකට පෙර කියුබාව ත්‍රස්තවාදී රටක් ලෙස නම් කරන ලදී. කියුබාව ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස නම් කිරීම කෙතරම් ව්‍යාජයක්ද යන්න තහවුරු වනුයේ කියුබාව ලොව කිසිදු රටකට අයුතු බලහත්කාරීත්වයන් සිදු නොකිරීම නිසාය. එපමණක් නොව කොවිඩ් වසංගතය සමයේ කියුබාව ලොව පුරා රටවල් ගණනාවකට වෛද්‍ය ආධාර සැපයු අතර කොවිඩ් එන්නත් නිපදවා ඒවා ගෝලීය පොදු සම්පත් බවට පත් කළේය. නමුත් අද කියුබාව ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස නම් කරන එක්සත් ජනපදයට එරෙහිව රටවල නායක ඝාතන කුමන්ත්‍රණ සැලසුම් කිරීම, අන්තවාදී කල්ලි නඩත්තු කිරීම, කුමන්ත්‍රණකාරී ලෙස විවිධ රටවල බෝම්බ පිපිරවීම ඇතුළු භීෂණය පතුරුවන ක්‍රියා කිරීම සම්බන්ධ චෝදනා එල වී තිබේ. කියුබාවට එරෙහි එවැනි චෝදනා කිසිවක් නැත.

කොවිඩ් වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් බැට කමින් සිටින කියුබානු ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීමටත්, ඉන්ධන ලබා ගැනීමටත් බාධා කරන ආර්ථික සම්බාධක අප විග්‍රහ කරනුයේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙසිනි. වසර 30ක් තිස්සේ මෙම අපරාධය සිදු කරනුයේ ලෝක ජන මතය අත්තනෝමතික ලෙස නොසලකා හරිමින් වීමද විශේෂයකි. එබැවින් ආර්ථික සම්බාධක ඉවත් කිරීමට සහ කියුබාව ත්‍රස්තවාදී රාජ්‍ය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවට අපි අපේ කොන්දේසි විරහිත සහය පල කරමු. එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙස ලංකාවේ ආණ්ඩුවට අවධාරණය කරන අතරම යුක්තිය හා සාධාරණය වෙනුවෙන් හඬ නගන ලෙස ලෝකය පුරා සිටින සියලු ජනකොටස් වෙත ආයාචනය කර සිටිමු. මේ දුෂ්කර මොහොත ජය ගැනීම සඳහා කියුබානු ජනතාවට ලංකාවේ ජනතාවගේ සහෝදරාත්මක සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට මෙය අවස්තාවක් කර ගනිමු.

මධ්‍යම කාරක සභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2022 ඔක්තෝබර් 23

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

Next Post

දෙන්න තියෙන කෝටි 20 ගෙවන තුරු රිජ්වේ ළමා රෝහලට බෙහෙත් දෙන්න සමාගම් බෑ කියයි! බෙහෙත් නැතිව ළමයි අනාතයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.