පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අනුරාධපුරයේ ඊයේ (09) පැවැති මංගල රැලියට ගොඩවූ දුමින්ද දිසානායක මහතාට දැවැන්ත ‘හූ’ සංග්‍රහයක් එල්ල වී ඇත.
දුමින්ද දිසානායක මහතා සිය කතාව අරඹද්දී මෙසේ හූ සංග්‍රහය එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය වළකාලීම සදහා ෂෙහාන් සේමසිංහ මහතා ඉදිරිපත් වුවද ඔහුටද තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වී ඇති බව දැනගන්නට ඇත.










