රජයට අයත් බවට පැවසෙන අතහැර දැමූ වාහන තොගයක් කොළඹ 07 ශ්‍රාවස්ති මන්දිරයට අයත් භූමියේ තිබී සොයාගෙන තිබෙනවා. Sri Lanka Latest News
ඒ පාර්ලිමේන්තුවේ නිළධාරීන් පිරිසක් ඊයේ (27) එම ගොඩනැගිල්ල පරික්ෂාවට ලක්කළ අවස්ථාවේදීයි.
අදාළ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදීම සදහායි එය පරික්ෂාවට ලක්කෙරුනේ.
එම ගොඩනැගිල්ල බස්නාහිර පළාත් සභා කාර්යාලයේ කටයුතු සදහා යොදාගෙන තිබුණා.
මෙහි තිබූ ඇතැම් වාහන අනතුරට ලක්ව ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.










