• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 28ක් තිස්සේ ජනාධිපතිවරු 5 දෙනෙක් නොකරපු දෙයක් අනුර කරන්න පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

January 28, 2025
in Exclusive
Reading Time: 17 mins read
A A
අවුරුදු 28ක් තිස්සේ ජනාධිපතිවරු 5 දෙනෙක් නොකරපු දෙයක් අනුර කරන්න පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නව රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලයේ පැවැති අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට එක් වෙමිනි.

2024 වසරේ ඩොලර් බිලියන 16.1ක්ව පැවැති අපනයන ආදායම මෙම වසරේදී ඩොලර් බිලියන 18.2ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන අතර, 2030 වන විට ඩොලර් බිලියන 36 දක්වා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙළ හරහා අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීම දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරගනිමින් අපනයන ප්‍රමුඛ නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ පිහිටීම, මානව සම්පත සහ ස්වභාවික සම්පත් උපයෝගී කර ගනිමින් දීර්ඝ කාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් ඇති කිරීමද මෙහිදී අවධානයට ලක් විය.

එමගින් බිඳ වැටී ඇති දේශීය නිෂ්පාදන කර්මාන්ත නැවත පණ ගැන්වීම, අපනයන කර්මාන්ත තරගකාරී කිරීම, සේවා කර්මාන්ත ප්‍රවර්ධනය, නව විභවයන් හරහා ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීම, ජාතික සැලැස්මකට අනුව සෘජු විදේශ ආයෝජන කැඳවීම, නව ආයෝජන සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම, අඩු පිරිවැය, අවශ්‍ය යටිතල පහසුකම් සහ යෙදවුම් සැපයීම පිළිබඳවද මෙහිදී අවධානයට යොමු විය.

• මෙරට පැමිණෙන සංචාරකයින් විසින් මිලදී ගනු ලබන භාණ්ඩ සඳහා ඇතුළත් වන බදු නැවත ලබා දීමේ පද්ධතියක් (VAT REFUND SYSTEM) ගුවන් තොටුපළේ පිහිටුවීමට මෙහිදී තීරණය කරන ලදී.

• අපනයන නිෂ්පාදිත පරික්ෂා කිරීමේදී සිදු වන ප්‍රමාදය හා අකාර්යක්ෂමතා මඟහරවා ගැනීම සඳහා Manual පද්ධතිය වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ස්වයංක්‍රීය පද්ධතියක් (Scanning) කටුනායක ගුවන් තොටුපළේ ස්ථාපිත කිරිමට සැලසුම් කළ අතර, ඒ සඳහා ප්‍රතිපාදන කර්මාන්ත අමාත්‍යාංශයෙන් වෙන් කිරීමට එකඟ වන ලදී.

• ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන දුම්රිය එංජින් අපනයන සඳහා බාධාවක්ව පැවැති, “දුම්රිය එංජින් පරීක්ෂා කිරීම” මෙරට තුළ සිදු කිරීමට අවසර ලබා දීම ද තීරණය විය.

• අපනයන කර්මාන්ත තුළ පිරිවැය අඩු කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හඳුන්වා දීමටත්, නවීන තාක්ෂණය උපයෝගි කර ගෙන පිරිවැය ඵලදායිතාව ඇති කරමින් විදුලිබලය ඉතිරි කරන අපනයනකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කිරීමටත් තීරණය කරන ලදී.

• අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා ව්‍යවසායකයින් හා ආයෝජකයින් මූලික කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෙස් (CESS) අරමුදලින් ප්‍රතිපාදන ලබා දීමට තීරණය කරන ලදී.

• අපනයන කර්මාන්තය තුළ සිදු කරන දේශිය හා විදේශිය ආයෝජන දිරි ගැන්වීම සඳහා ආයෝජන පහසුකම් සැලසීමේ කමිටුවක් (Investment Facilitation Committee) ස්ථාපනය කිරීමට තීරණය කරන ලදී.

• නිවැරැදිව අපනයන අගය හඳුනා ගනු ලබන ක්‍රමවේදයක් තුළින් අපනයනය කරනු ලබන මැණික් හා ස්වර්ණාභරණ සඳහා අපනයන දිරිගැන්වීම් ලබා දීමට මෙම සාකච්ඡාවේදී තීරණය විය.

• මෙරට තුළ නිෂ්පාදනය කරන විද්‍යුත් උපකරණ හා විද්‍යුත් උපාංග අපනයනය සඳහා රජයේ අවධානය යොමු වී තිබෙන අතර, මේ සඳහා අමුද්‍රව්‍ය ආනයනයේදී තීරුබදු පහසුකම් ලබා දීමට මෙහිදී සාකච්ඡා විය.

• ඉහත සඳහන් තීරණ ක්‍රියාත්මක කිරීමේදී අපනයන කර්මාන්තය ආශ්‍රිත දත්ත පද්ධති ඩිජිටල්කරණය කිරීමට විශේෂ අවධානය යොමු විය.

• සේවා අපනයන දිරි ගැන්වීම සඳහා බැංකු ඇපකර සීමාව වැඩි කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවේදී අපනයනය ආශ්‍රිතව දැනට පවතින ගැටලු හා ඒවාට ඇති විසඳුම් පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡාවට ගැනිණි.

මෙහිදී ඇඟලුම් අපනයන පරීක්ෂා කිරීමේදී මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳවද අවධානය යොමු කළ අතර, ඒවා සඳහා සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවෙන් විසඳුම් ලබා දීමද සිදු කෙරිණි.

1980 සැප්තැම්බර් 11 පිහිටුවන ලද මෙම සභාව වරින් වර රැස් වුවද, 1992 සිට 2020 දක්වා මෙම සභාව රැස් වී නොමැති අතර, 2020 රැස්වීමේදී පවා අපනයන ක්ෂේත්‍රය දියුණු කිරීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ක්‍රියාත්මක කර නොමැත. එනයින් 2025 වසරේ මෙම සභාව රැස්ව අපනයන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ වසර 28කින් පසුව වීමද විශේෂත්වයකි. වෙළෙඳ, නාවික, වැවිලි කර්මාන්ත, කෘෂිකර්මාන්ත, කර්මාන්ත, රෙදිපිළි කර්මාන්ත, ධීවර, මුදල්, විදේශ කටයුතු, ක්‍රමසම්පාදන හා ග්‍රාමීය සංවර්ධන විෂයභාර අමාත්‍යවරු මෙම සභාවේ නියෝජිතයන් ලෙස කටයුතු කරනු ලබයි. ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජාතික අපනයන සංවර්ධන ප්‍රතිපත්ති හා වැඩසටහන් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ යන අමාත්‍යවරුද, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතාද, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-01-27

SendShareShare
Previous Post

හිටපු ඇමැතිට ජනවාරි 8 වැනිදා මහාධිකරණයේ නඩු 3ක් දමයි! I Sri Lanka Latest News

Next Post

කාලයක් හොඳ හොඳ දේශපාලන සෙල්ලම් සිද්ධ වෙච්ච ශ්‍රාවස්ත්‍රියට අද වෙලා තියෙන දේ! කෝටි ගණන් වටින බෙන්ස්-ප්‍රාඩෝ නිකම් දාලා ගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.