කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ද සමග අද (27) පෙරවරුවේ මාතර වැලිගම චාලිමෝවුන්ට් වත්තේ නිරීක්ෂණයක නිරත වෙමින් සිටියදී ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වී ඇත.
ඔවුන් පවසන්නේ මෙම වතුයායෙන් තමන් ජීවිකාව සරි කරගන්නා බැවින් කර්මාන්ත පුරයක් ඉදි කිරීමට කටයුතු කළහොත් තම රැකියා අහිමි වන බවය.
පසුව කථානායකවරයා ප්‍රමුඛ මන්ත්‍රිවරුන්ට ඉඩම නිරීක්ෂණය කිරීමට සිදු වූයේ පොලීසියේ මැදිහත්වීමෙන් පසුවය.
රජයට අයත් එම භූමියේ කර්මාන්ත පුරයක් ඉදිකිරීම නිරීක්ෂණය කිරීමට මෙසේ කතානායකවරයා ගොස් තිබිණ.










