• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිලිප් එංගලන්තෙ-කාර් එක ලංකාවේ

April 27, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පිලිප් එංගලන්තෙ-කාර් එක ලංකාවේ
Share on WhatsAppShare on Facebook

මහා බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් අපිට නිදහස ලැබිලා දැන් බොහෝ කාලයක් ගත වෙලා. ඒත් තවමත් ඒ යටත් විජිත යුගයේ මතක සියල්ල නැති වෙලා ගිහින් නැහැ. පසුගියදා මොලොවින් සමු ගත් පිලිප් කුමරු පිළිබඳව අපි බොහෝ දේ කතා කළේ ඒ හින්දයි.

පිලිප් කුමරු කියන්නේ මහා බි්‍රතාන්‍යයේ මහ රැජින වන දෙවැනි එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා. මහා බි්‍රතාන්‍යයේ මීළඟ කිරුළ හිමි චාල්ස් කුමරාගේ පියාණන් වන්නෙත් පිලිප් කුමරුයි. රාජකීය බව අතින් ගත්තොත් මේ ලෝකේ කිසිවෙකුට නැති බලයක් පිලිප් කුමරු සතුව තිබුණා.

ඒ තරම් බලයක් තිබුණත් පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ ඉතාම චාම් ස්වරූපයෙන්. ඒ කොවිඩ් 19 අවදානම හින්දා. ඒ සෞඛ්‍ය නීති රීති අකුරටම පිළිපදිමින් අවමංගල්‍ය උත්සවය පවත්වන්න රාජකීය පවුල කටයුතු කරලා තිබුණේ ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින්.

පිලිප් කුමරුගේ අභාවයෙන් පස්සේ ඒ ගැන අපේ රටෙත් බොහෝ දේ කතා කළා. අවමංගල්‍ය උත්සවය සැමරූ ආකාරය තමයි ඒ අතරින් ප්‍රධාන වුණේ. කොවිඩ් අවදානම මැද බොහෝ ප්‍රදේශ අගුළු ලා තිබුණු කාලයක අපේ රටේ එක්තරා ඇමැතිවරයෙකුගේ අවමංගල්‍ය උත්සවය සැමරූ ආකාරය සහ පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වූ ආකාරය සංසන්දනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් ඡායාරූප සංසරණය වුණු ආකාරයත් දැක ගන්න ලැබුණා.
මේ අතරේ පිලිප් කුමරුගේ අභාවයෙන් පස්සේ මේ තරම් කාලයක් අමතක වෙලා තිබුණු යටත් විජිත යුගයට අයත් සුවිශේෂී වාහනයක් පිළිබඳවත් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. එය 1935 වර්ෂයේ නිෂ්පාදිත Standard Nine වර්ගයේ මෝටර් රථයක්. එය පිලිප් කුමරු විසින් භාවිතා කළ පළමු මෝටර් රථය වීම තමයි එහි ඇති සුවිශේෂී කාරණය.

මේ වාහනය අදටත් පවතින්නේ අපේ රටේ. ඒ හින්දා මේ වාහනය ගැන අමතක කරලා අපිට පිලිප් කුමරු ගැන කතා කරන්න බැහැ. 1940 වසරේදී තමයි පිලිප් කුමරු පළමුවරට මේ වාහනය භාවිතා කරලා තියෙන්නේ. ඒ වෙද්දි ඔහු සේවය කරලා තියෙන්නේ රාජකීය නාවුක හමුදාවේ සාමාන්‍ය නිලධාරියෙක් විදියටයි.

ඒ කාලයේදී ඔහු සේවය කර ඇත්තේ HMS Ramilies නැමැති නෞකාවේයි. එම නෞකාවේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙන්නේ ඕස්ටේ්‍රලියාවේ සිට පැමිණෙන නෞකාවන්ට බාධාවකින් තොරව මධ්‍යධරණී මුහුද දක්වා ගමන් කිරීමට ආරක්ෂාව ලබා දීමයි. ඒ සඳහා දීර්ඝ කාලයක් කොළඹ වරායේ නැංගුරම් ලෑමට මේ නෞකාවට සිදුව තිබෙනවා.
අපි කතා කරන කාර් රථය පිලිප් කුමරු විසින් මිලදී ගෙන තිබෙන්නේ ඒ අතර කාලයකදී. ඒ වන විට එහි වටිනාකම රුපියල් 450ක් පමණ වූ බවයි කියැවෙන්නේ. එය ඒ වන විට ඩොලර් 7.5ක් පමණ වූ බවත් සඳහන්. කොහොම වුණත් ඒ කාලය හා සසඳද්දී එය ඉතා විශාල මුදලක්. එම මුදල පිලිප් කුමරු ගෙවා ඇත්තේ කුලී ක්‍රමයට බවත් සඳහන් වෙනවා.
දොරවල් දෙකක් සහිත වූ මෙම කාර් රථය එවකට කළු පැහැති එකක් වූ බවත් සඳහන්. එමෙන්ම තමා මිලදී ගත් පළමු කාර් රථයේ පළමු ගමන ලෙස කොළඹ සිට ත්‍රිකුණාමලයට ගමන් කිරීමට පිලිප් කුමරු කටයුතු කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ ගමන පුරාවටම වාහනය පදවාගෙන ගොස් තිබෙන්නෙත් පිලිප් කුමරු විසින් වීමත් සුවිශේෂී කාරණයක්.

රාජකාරි කටයුතු මත පිලිප් කුමරු ලංකාවෙන් බැහැර වීමත් සමඟ මේ වාහනය මිලදී ගෙන තිබෙන්නේ ශ්‍රී ලාංකිකයෙකු විසින්. ඒ 1950 දශකයේ මුල් භාගයේදී. සිරිල් ගාඩිනර් මහතා තමයි ඒ ආකාරයෙන් මේ සුවිශේෂී කාර් රථය මිලදී ගෙන තිබෙන්නේ. නමුත් එතැනින් පසුවත් මේ රථය සමඟ ඇති රාජකීය සම්බන්ධය නැවතිලා නැහැ.

1947 වසරේදී එළිසබෙත් කුමරිය සමඟින් විවාහ වූ පිලිප් කුමරු ඊට පසු අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ අවස්ථා දෙකේදීම තමාගේ මුල්ම වාහනය දැක බලා ගන්න පිලිප් කුමරු කටයුතු කර තිබීමත් සුවිශේෂී කාරණයක්. පිලිප් කුමරු ඒ ආකාරයෙන් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 1956 වසරේදියි. ඒ අවස්ථාවෙත් මේ රථය නරඹන්න යන්න පිලිප් කුමරු අමතක කරලා නැහැ.

රාජකීය ඉතිහාසයකට උරුමකම් කියන මේ සුවිශේෂී කාර් රථය අදටත් ඉතාම හොඳ ධාවන තත්ත්වයක පවතිනවා කිව්වොත් ඔබ පුදුම වේවි. ඒත් ඒක තමයි ඇත්ත. ඒ කාර් රථය අදටත් ඉතාම හොඳින් ධාවනය කරන්න පුළුවන් කියලයි එහි වර්තමාන හිමිකරුවා වන සංජීව ගාඩිනර් මහතා සඳහන් කරන්නේ. නමුත් රක්ෂණාවරණය සම්බන්ධ ප්‍රශ්න හේතුවෙන් වර්තමානයේදී එම රථය මහා මාර්ගයේ ධාවනය කිරීමට අවසර නැති බවත් ඒ මහතා සඳහන් කරනවා.
රාජකීය පහස ලබා දශක අටකට වැඩි කාලයක් වැජඹුණු මේ කාර් රථය අද වෙද්දි සංජීව ගාඩිනර් මහත්මාට අයත් හෝටයලයක ප්‍රදර්ශනය සඳහා තබා තියෙනවා. මේ රථය වගේම රාජකීය යුගයට අයත් තවත් රථ වාහන කිහිපයක්ම එහිදී දැක ගන්න පුළුවන්. එළිසබෙත් රැජින සමඟ විවාපත් වීමෙන් පසු පිලිප් කුමරු පළමුවරට ලංකාවට පැමිණි ඇත්තේ 1954 වසරේදීයි. එහිදී රාජකීය යුවල ගමන් කළ ලිමොසින් මෝටර් රථයත් සංජීව ගාඩිනර් මහතාගේ හෝටලයේ ප්‍රදර්ශනයට තබා තියෙනවා.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ස්වර්ණවාහිනිය ගොඩගත් සුදේව ජනාධිපති ළඟට ගනී

Next Post

කර්මාන්ත පුරයක් හදන්න වැලිගම ඉඩම් බලන්න ගිය කතානායකට විරෝධය

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.