ඉදිරි දින කිහිපය ඇතුළත අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් ඇතිවිමට ඉඩකඩ ඇති බව වෙළෙදපොළ ආරංචි මාර්ග අනාවරණය කොට ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් කොළඹ වරායේ මතුව ඇති සේවක හිගය හේතුකොටගෙන කොළඹ වරායට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පැමිණි නෞකා විශාල ප්‍රමාණයකින් එම බඩු බාගත නොහැකිවීම ඊට හේතු වී ඇති බව පැවසේ.
ඒ හේතුවෙන් අදාළ නෞකා ආසන්නතම වරායන් වෙත ගොස් ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව එම භාණ්ඩ නැවත ලංකාවට රැගෙන ඒම සදහා අමතර වියදමක් සහ අමතර කාලයක් වැය වනු ඇති බවද දැනගන්නට ඇත.










