වසර හතරක කාලයකට බරපතළ වැඩ ඇතිව සිර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුව මාස තුනකට නිවාඩු ඉල්ලීමේ යෝජනාව අද (10) දින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් ලබාදී ඇති මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට කැඳවීමට තමා හැකියාවක් නැති බවයි.
එනිසා ඔහු වෙනුවෙන් නිවාඩු යෝජනා භාර ගත නොහැකි බවද කතානායකවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාස තුනක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමට නියමිතය.










