කටාන පොලිස් වසමේ මිරිස්වත්ත, දෙමංහංදිය ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී පිස්තෝල දෙකක් සහ තවත් ගිනිඅවිය හයක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව ගෝනහේන විශේෂ කාර්ය බලකායේ බුද්ධ නිලධාරින් විසින් අද (11දා) පෙරවරුවේ මෙම වැටලීම සිදු කර ඇත.
ගිනිඅවිවලට අමතරව ජීව උණ්ඩ විශාල තොගයක් සමඟ තවත් උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ.
එම වැටලීමේදී මුස්ලිම් ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ඇතුළු අවිආයුධ කටාන පොලිසියට භාරදී තිබේ.









