අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් අද (11) දිනයේ සිය නිල නිවෙසට යළිත් කැඳවීමට පියවර ගෙන ඇත.
මේ වනවිට ආණ්ඩුව ඇතුළේ මතුව ඇති විවිධ අර්බූද සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
මේ ආකාරයටම ආණ්ඩුව නැගනෙහිර වරාය පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට සූදානම් වූ අවස්ථාවේදීත් විමල් වීරවංශ මහතා ආණ්ඩුවේ පක්ෂ නායකයන් සිය නවෙසට කැදවා ඊට එරෙහිව කටයුතු කිරීමට තීන්දු කළේය.
ඒ අවස්ථාවේදී පක්ෂ 10ක නායකයන් වීරවංශ මහතාගේ නිල නිවෙසට පැමිණ තිබිණ.










