තමන්ට එරෙහිව කැඳවා ඇති විනය පරීක්ෂණ සඳහා දෙවතාවක්ම මුහුණ නොදී සිටි සුජීව සේනසිංහ හා අජිත් පී පෙරේරා යන මහත්වරුන් අද (09) දිනයේදී ඒ සම්බන්ධයෙන් පක්ෂ මූලස්ථානයේදී කරුණු දක්වා ඇත.
පක්ෂ නායකත්වය විවේචනය කිරීම සහ පක්ෂයේ විනය කඩකිරීම ආදී චෝදනා රැසක් මේ දෙදෙනාට එරෙහිව පක්ෂ මහලේකම්වරයා විසින් එල්ල කොට තිබිණ.
කෙසේවෙතත් නියමිත කාල පරිච්ජේදයේදී ඊට පිළිතුරු ලබා නොදීම නිසා ඔවුන් දෙදෙනා පක්ෂයෙන් නෙරපා හැරීමේ ලිපියද මහලේකම්වරයා විසින් පසුගියදා පක්ෂ නායකත්වයට යොමු කර තිබිණ.










