දෛනිකව ලබාදෙන අතිකාල දීමනා ප්‍රමාදවීමට විරෝධය පල කරමින් විභාග දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් අද (31) විරෝධතාවයක නිරත වූහ.
මේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අතිකාල දීමනා ලබා දීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවය.
එය ලැබුණු වහාම ගෙවිම් සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේය.










