කොරෝනා වයිරසය හේතුවෙන් රටට විශාල හානියක් සිදුව තිබුණද සැලසුම් කර තිබූ පරිදිම මහමැතිවරණය පැවැත්වීමට දකුණු කොරියාව තීන්දු කොට ඇත.
ඒ අනුව ලබන බදාදා (15) දින ඉදිරි වසර 4ක කාලයක් සදහා සාමාජිකයන් 300ක් තෝරාගැනීම වෙනුවෙන් මහමැතිවරණය පැවැත්වෙනු ඇත.
චීනයෙන් පසුව දකුණු කොරියාවේ වයිරසය වේගයෙන් ව්‍යාප්ත වූ අතර මේ වනවිට දකුණු කොරියාවේ කොරෝනා මරණ 214ක් වාර්තා වී ඇති බවත්, ආසාදිතයන් සංඛ්‍යාව 10,512ක් බවත් ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කොට තිබේ.
සාමාන්‍යයෙන් දිනකට නව රෝගීන් 50 දෙනකු පමණ වාර්තා වන බවත්, කොරෝනා මරණ අනුපාතිකය 2%ක් බවත් එම වාර්තා සදහන් කරයි.
කෙසේවෙතත් අඩි තුනක පරතරය ඇතිව ජන්ද පෝලිම් සකස් කිරීමටත්, සියලුම සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කිරීමටත් කොරියානු බලධාරීන් පියවර ගෙන ඇති බවද දැනගන්නට ඇත.
මෙවර දකුණු කොරියාවේ ජන්දය භාවිත කිරීම සදහා මිලියන 44ක ජනතාවක් සුදුසුකම් ලබා තිබුණද විශාල ප්‍රමාණයක් පවත්නා තත්ත්වය යටතේ ජන්දය භාවිත නොකර සිටිනු ඇති බවක් ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පෙන්වා දෙති.