අද (23) පස්වරු 4.30 සිට හෙට (24) පස්වරු 4.30 තෙක් එම නිවේදනය වලංගුවන පරිදි තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදෑසන නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ආසන්නයේ ස්ථානගතව පැවතුනි.
එය වයඹ දෙසට ගමන් කර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රීතව සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු අක්ෂාංශ 12ත් 20ත් අතර නැගෙනහිර දේශාංශ 85 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60-70 පමණ වන අතර විටින් විට පැ.කි.මී 80ක් දක්වා වැඩිවිය හැකිය.
එම මුහුදු ප්‍රදේශයේ රළු හෝ ඉතා රළු වන අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.










