කොරෝනා එන්නත ලබා දීම සඳහා රජය රුපියල් බිලියන 110ක් දැනටමත් වෙන් කර ඇති බව බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ අමාත්‍යාශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට ඉන්දියාවෙන් කොරෝනා එන්නත් මිලියන 18ක් ඇනවුම් කොට ඇති බවය.
මේ අතර පී.සී.ආර්. පරීක්ෂණ සඳහා දිනකට රජයට රුපියල් මිලියන 100ක් පමණ වැය වන බවද දැන ගන්නට ඇත.










