• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික කොඩියේ සිංහයා වෙනස් වෙයිද?

February 6, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ජාතික කොඩියේ සිංහයා වෙනස් වෙයිද?
Share on WhatsAppShare on Facebook

සිංහ කොඩියේ යම් යම් වෙනස්කම් සිදු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කර ඇති බව පසුගිය සඳුදා ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබිණි.

එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැති උත්සවයකදී එම තොරතුරු හෙළිදරව් කළ බවය. කෙසේ නමුත් ඒ පිළිබඳව කිසිදු සිංහල පුවත්පතක් කරුණු වාර්තා කර නොතිබීමද විශේෂත්වයක් විය.

මේ ගැන විමසීමට ආරක්ෂක ලේකම්වරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ ගත් නමුත් ඒ වෙනුවෙන් අප හා සම්බන්ධ වූයේ අලුතින් පත්වූ ඒ මහතාගේ මාධ්‍ය ලේකම් කර්නල් චන්දිම කුමාරසිංහ මහතාය.
නිදහස් දිනයට සූදානම් වන නිසා ආරක්ෂක ලේකම්වරයා කාර්ය බහුල බව ප්‍රකාශ කළ මාධ්‍ය ලේකම්වරයා අප ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියේ එවැන්නක් ගැන තමන්ට අදහසක් නොමැති බවයි.

අනතුරුව අපි මේ පිළිබඳව විමසීමට සම්බන්ධ කර ගත්තේ ස්වදේශ කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාවය. එහිදී රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ තමන්ද ඒ බව දැන ගත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී වන බවය.

“අනේ මම නම් ඒ ගැන දන්නේ නැහැ. මටත් ඔය ගැන අහන්න ලැබුණේ පසුගියදා ආරක්ෂක ලේකම් සම්බන්ධ වූ සාකච්ඡාවකදී. නැතිව වෙනත් විස්තර මම දන්නේ නැහැ.”

අප මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන්ද විමසීමක් කළ අතර ඒ මහතාද සඳහන් කළේ තමන් ඒ පිළිබඳව දැන ගත්තේද අදාළ සාකච්ඡාවේදී වන බවය.

“ඔය එක් එක් විද්වත් අය සිංහ කොඩිය ගැන විවිධ මතවාද අදහස් ඉදිරිපත් කරලා තියෙනවා කියලා මටත් අහන්න ලැබුණේ ආරක්ෂක ලේකම් සහභාගි වූ රැස්වීමේදියි. ඒකට හේතුව ඉතිං මම දන්නේ නැහැ. අපිට නොපෙනෙන දේවල් විද්වත් අයට පේනවා ඇති. එහෙම කරන්න යන්නේ මොන වෙනසද කියන එක ගැන මම දන්නෙත් නැහැ.”
ඒ ඇමැතිවරයාගේ පිළිතුරුය.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කොමිටියක්ද පත් කර ඇති බවට ආරංචි පැතිර ඇති බැවින් අප ඒ පැනයද ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කළෙමු.

“මම ඒක දන්නේ නැහැ. රජයෙන් නම් එහෙම කොමිටියක් පත් කරලා නැහැ. ඒක පත් කරලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් කියලයි දැන ගන්න තියෙන්නේ. ඒත් ඉතිං සිංහයාගේ හරි කොඩියේ හරි වෙනසක් කරනවා නම් ඒක ලොකු කාර්යභාරයක්. ඔය යෝජනා පාර්ලිමේන්තුවට එන්න ඕනෑ. ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්නේ ඕනෑ. ඒක හින්දා ඔය යෝජනා කාගෙද කියලා මම දන්නේ නැහැ.” ඒ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පිළිතුරය.

ඉන් පසු අප නැවතත් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් කර්නල් චන්දිම කුමාරගේ මහතා ඇමතුවේ ඇමැතිවරුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වූ නිසාය.

“ඔය වගේ සිද්ධියකට හමුදාවෙන් නම් මම දැනුවත්ව කොමිටියක් පත් කර නැහැ. සමහර විට රාජ්‍ය පරිපාලන හෝ ස්වදේශ කටයුතු අමත්‍යාංශවලින් එහෙම කමිටුවක් පත් කරලද දන්නේ නැහැ. ඒක ඒ අමාත්‍යංශවලින් අහලා බලන්න.” යනුවෙන් ඒ මහතා එයට පිළිතුරු දුන්නේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

එන්නතට බිලියන 110ක්!

Next Post

අවුරුදු 95ක් වෙලත් විභාගෙට ලියා වාර්තාවක් තියපු නාවලපිටියේ ආච්චි

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.