‘ගෝඨාභයගේ ජනාධිපතිවරණ වේදිකාවට එන ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කීම දිගින් දිගටම කෙරෙනවා. ගෝඨාභයත් මහින්දත් එසේ නොකරන ලෙස කියා තිබුණත් එය නවතින පාටක් නැහැ. හූ කියන්නන්ට යම් පිරිසක් අනුබල දෙන බව පේන්න තියෙනවා. හූ කීමෙන් පොහොට්ටුවට වෙන වාසියක් නැහැ. හූ කීම පොහොට්ටුවේ අවසානය කරා යන ගමන විය හැකියි…’ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ න්‍යායාචාර්යවරයා වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා අවධාරණය කොට ඇත.
ඒ මහතා මේ බව පෙන්වා දී ඇත්තේ සිය බ්ලොග් අඩවියෙහි සටහනක් තබමිනි.
‘පොදු ජන පෙරමුණ වහාම ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කියන එක නවත්තන්න ඕන. කාගෙ කාගෙ අතිනුත් වැරදි සිද්ධ වෙලා තියෙනවා. කොටසකගේ වැරදිවලට පමණක් දඬුවම් කරන්න බැහැ. හූ කීමෙන් ශ්‍රී ල නි පක්‍ෂය දුර්වල කරන්න බැහැ. ඉන් දුර්වල වන්නේ පොදු ජන පෙරමුණයි…’ යනුවෙන්ද සිල්වා මහතා එහිදී අවධාරණය කොට ඇත.