• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක රැයින් රටක් ඇහැරවපු සිංහරාජේ සිංහ රැජිනිය

March 22, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
එක රැයින් රටක් ඇහැරවපු සිංහරාජේ සිංහ රැජිනිය
Share on WhatsAppShare on Facebook

‘සිංහරාජේ කපනවද?’

මෙන්න මේ මාතෘකාව ගැන ආයෙමත් වතාවක් කතා කරන්න පටන් අරගෙන. කවුරු කොහොම කොතැන කළත් කැලෑ කපන එක වැරැදියි වගේම මේ දේවල්වලට කොහේ කොතැන කොහොම විරෝධයක් මතුවුණත් ඒක මරු. ඒ නිසා මේ වෙලාවෙ මේ කතාබහ මරු. ඒත් ඒක බොරුවක් නම්, සිංහරාජෙට කවුරුවත් අතක්වත් තියලා නැත්නම් ඒක ඒ විදියට කියලා මිත්‍යාවක් පතුරුවන එක නරක වැඩක්. ඒ නිසා අපි මේ කතාවට ඉඩ දෙනවා ‘මව්රට’ අවකාශය ඇතුළෙ. සොබාදහම අපි කාටත් අයිතියි. “සිංහරාජ මායිමේ තමයි මගේ ගෙවල් තියෙන්නෙ. උදේ හවස යද්දි ඇස්පනාපිටම මේ සිංහරාජ කැලේ එළි කරනවා බලා ඉන්න මට සිද්ධ වෙලා තියෙනවා.

අලි තුන්දෙනෙක් ගැන අහලා ඇති සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන. එක්කෙනෙක් ආගිය අතක් නෑ. ඒත් දෙන්නෙක් ජීවත් වෙනවා. ඒ අලිමංකඩ ප්‍රදේශය මේ වෙනකොට හැබැහින් දකින්න පුළුවන් විනාස වෙනවා.
කළු වඳුරා ඉන්නවා. එයාලත් වඳවීගෙන යනවා. මිනිස්සු ජීවත් වෙන්න ඕන වපසරිය වගේම එයාලටත් ඒ අයිතිය තියෙනවා. අපි එයාලටත් ඒ අයිතිය දෙන්න ඕන. බලධාරීන් ඇවිල්ලා මේක නවත්වන්න පියවරක් ගන්නෙ නැත්තෙ එයාලට ඒ තරම්ම වැඩ ඇති.”

මේ කතාව කියන්නෙ භාග්‍යා අබේරත්න. භාග්‍යා එහෙම කිව්වට පස්සෙ වනජීවී ඇමැති සී.බී. රත්නායක මහත්තයා මෙහෙම කියනවා.

“මං දැක්කා දරුවෙක් කියනවා සිංහරාජේ හෝටල් හදනවා කියලා. සමහර තැන්වලදි අපි කරුණු පෙන්නලා දෙනකොට ඒගොල්ලන්ට ඔප්පු තිරප්පු තියෙනවා. දීර්ඝකාලීනව ඔප්පු තියෙනවා. ඒ ඔප්පු තිබ්බ අයගෙ අයිතිය සඳහා ඒ අය ඒ කාරණාව කරනවා. දේශපාලන බලයක් නෑ. දේශපාලන ඇඟිලි ගැහීම් කරන්නෙ නෑ. කැලයක් ඇතුළෙ ගෙවල් හදන්න බෑ. ඒ විදියට හදාගෙන ආපු ගෙවල් තියෙනවා නම් ඒකට අවසර දෙනවා මිසක් සිංහරාජෙ කැලේ එළි කරන්න නම් දෙන්නෙ නෑ. මම ඒ දරුවට කියනවා පැහැදිලිව කරුණු හොයා බලාගෙන විස්තර කියන්න ඕනෑ කියන එක.”

ඒ ප්‍රකාශයත් එක්ක සිරස වහාම ක්‍රියාත්මක වෙනවා.

‘රඹකැන්ඔය රක්ෂිතයෙන් අක්කර පන්දාහක් බහුජාතික සමාගමකට’
‘ආනවිලුන්දාව කඩොලාන රක්ෂිතයේ කඩොලාන ගලවා විනාශ කරයි’
‘කන්තලේ වාන් ඇළ අයිල්අඩි රක්ෂිතයෙන් අක්කර 30ක්’
‘දහයියාගල අලිමංකඩට අයත් තවත් ප්‍රදේශයක වන විනාශයක්’
‘සේරුවාවිල හා ත්‍රිකෝණමඩු රක්ෂිතයේ වන විනාශයක්’
‘ලාහුගල සෙංගමුව රක්ෂිතයේ ගස් කපා දමයි’
‘හන්තාන පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයේ වන විනාශය’
‘අගලකන්ද රූණකන්ද අසල බීට්ටුව හෙළි පෙහෙළි කරයි’
‘සිංහරාජය අසල මාර්ගයක් ඉදිකිරීම’

මේ තමයි සිරසෙන් කියන කොටස. ඒ කොටසටත් ඔප්පු තියෙනවද? නැත්නම් අයිතිකාරයො ඉන්නවද කියන්න. ඒ වගේම නෝනාවරුණි මහත්වරුණි මතක තියාගන්න. අපි අර හෝගාල සටන් වැදුණු විල්පත්තු විනාශයත් ඕනෑ නම් අපි ඔබට මේත් එක්ක ගලපලා දෙන්නම්.

ඔය කියන විදියට සිංහරාජෙ කපන්නෙ පරිවාර වන්නාතර. එදා විල්පත්තුවෙ කැපුවෙත් පරිවාර වනාන්තර. සිංහරාජෙ කපන අයට ඔප්පු තියෙනවා. විල්පත්තුවෙ වටේ පදිංචි වෙච්ච අයටත් ඔප්පු තියෙනවා. මෙයාලා සිංහරාජෙට අතක් තියන්න දීලා නෑ. එයාලා විල්පත්තුවටත් අතක් තියලා නෑ. හැබැයි එකම එක වෙනසක් තියෙනවා. ඒ එදා විල්පත්තුවෙ පරිවාර වනාන්තරයක් වෙච්ච කල්ලාරු කැලේ කපලා කැලේ ගේදොර තනා මිනිසුන්ට ගෙවල් දුන්න එක. මේ කියන විදියට සිංහරාජෙ හදන්නෙ හෝටල්. එදා අපි විල්පත්තුව වෙනුවෙන් හඬ නඟනකොට විල්පත්තුවෙ ළඟ ගෙවල් හදලා ඉවරයි. හැබැයි සිංහරාජෙ තවම ගෙවල් හදලා නෑ. ඒ නිසා විල්පත්තුවෙ පැළ හිටවන්න ගිය ගිහි පැවිදි හැමෝටම මේ වතාවෙ අපි ආරාධනා කරනවා එන්න සිංහරාජෙට ආයෙ වවනවට වඩා කපන්න නොදී ඉන්න එක ලේසියි. ඇත්තටම උවමනාව තියෙන්නෙ ජාති, කුල, ආගම් බේද නැතිව ඇත්තටම කැලේ පරිස්සම් කරන නම් ඒ අමාරුවම ආයෙත් හැදෙන්න ඕනෙ.

කොහොම නමුත් මේ වෙනකොට ආයෙත් රටේම ඇස් ඇරිලා. ඒත් ටික දවසකින් අපිට සිංහරාජෙ අමතක වෙයි. එතකොට භාග්‍යත් අමතක වෙලා යයි. ඒ නිසා දේශපාලකයො අරහෙ මෙහෙ ඔය ගැන එහෙමටම කලබල වෙන්නෙ නෑ.

හැබැයි පසුගිය දවසක භාග්‍යාගෙ ගෙදරට පොලිසියෙනුත් ඇවිල්ලා තිබුණා. ඒ ඇවිල්ලා තිබුණෙ සිරස ලක්ෂපතියෙ වෙච්ච සිදුවීම ගැන ප්‍රකාශයක් ගන්න. හැබැයි ඒ ආවෙ කැලේ කපන එකට එරෙහිව පියවරක් ගන්න වෙන්න ඇති කියලයි අපි නම් හිතන්නෙ. මොකද නීතිය සාමය සුරකින නිලධාරීන්ට මේ වගේ දැවැන්ත විනාශයක් වෙනවා දැක්කම ඒක ඉහිලුම් දෙන්නෙ නෑ. ඒ නිසා වහාම ඉදිරිපත් වෙලා කැලේ කපන අයව බෙල්ල මුලින්ම අල්ලගෙන ගිහිල්ලා කූඩුවෙ දැම්මට පිං. මං හිතන්නෙ ආයෙ සිංහරාජ කපන එකක් නෑ.

හැබැයි මේ වෙලාවෙ භාග්‍යාට වගේම සිරසටත් විවිධ මට්ටමෙන් චෝදනා එනවා.
‘මේක සැලැසුමක්’
‘මේක පිටපතක්’
කියලා. ඔ

ව් සමහර විට ඒක පිටපතක් වෙන්න පුළුවන්. නැත්නම් අර සින්දුව උත්තරේට එන ප්‍රශ්නයක් ඇවිල්ලා, ඒ උත්තරේට ගැළපෙන ප්‍රශ්නයක් තිබිලා, ඒ ප්‍රශ්නෙ ගැන කතා කරන්නම භාග්‍යා ලක්ෂපති එන්න බෑනෙ නේද? එතකොට චන්දන සූරියබණ්ඩාර ලක්ෂපතියෙ පිටපත හදන්නෙ රට ගැන හිතලා නම් වනාන්තර ගැන හිතලා නම්, මිනිහව සිරසෙන් අස්කරවන්න ජනතාව මගට බහින්න ඕනෙ. මිනිහව ඒකෙන් අස්කරලා පරිසර, වනජීවී අනම් මනම් ඔක්කොම එකට දාලා උන්දැට දෙන්න ඕන ඇමැති පට්ටමක්. නැත්නම් රටේ ඇමැතිලට, ජනාධිපතිලට නැති අමාරුවක් පරිසරය වෙනුවෙන් ඒ මනුස්සයට තියෙනවනෙ. අනිත් වැදගත්ම දේ දැන් ඔය පිටපත ලියනකොට ඒකට අනුව කැලේ කපන්න එකඟ වුණේ වනජීවී ඇමැතිද? පරිසර ඇමැතිද? මොකද සිරස පිටපත් ලියලා වැඩසටහන් කරන එක ගැන අපිට කිසිම අමාරුවක් නෑ. ඒත් සිංහරාජෙ කපන එක ගැන සාධාරණ අමාරුවක් අපිට තියෙනවා. සිරස පිටපතක් හදලා ලක්ෂපතිය බලන අයව ගොනාට අන්දනව නම් ඔබට පුළුවන් ඒක නොබලා ඉන්න. ඒත් ආණ්ඩුව ජනතාව ගොනාට අන්දලා කැලෑ කපන්න ඉඩ දෙනවා නම් ඒක කාටද කියන්නෙ?

මේක සිංහාරජෙ කැපිල්ල ගැන මුහුණු පොතේ පළකරලා තිබුණ අදහසක්.

“පොලීසිය ගිහින් සිරසේ බොරු කියපු ළමයාගෙන් ප්‍රකාශයක් ගත්තා කියලා කතාවක් යනවා. ඒ කතාවේ බාගයක් ඇත්ත, බාගයක් බොරු.
ගියේ පොලීසිය නෙවෙයි, වන විනාශය නැවතීම උදෙසා ස්ථාපිත කර ඇති පොලිස් විශේෂ කාර්ය බළකාය.
ඔවුන් ගියේ බොරු කියපු ළමයා බය කරන්න නෙවෙයි, ඇය කියපු වන විනාශයක් වෙනවා නම් ඒක නවතලා ඇයට උදව් කරන්න.
ඔවුන් ගිහින් මුලින්ම කළේ ඇයට ප්‍රශංසා කරලා, ඇයට උදව් කරන්න ආපු බව කියන එක.
ඊටපස්සේ ඔය කියන සිංහරාජේ ඉඩම පෙන්නන්න කිව්වා. එවෙලෙම වන විනාශය නවත්තන්න.
ඒ නිලධාරීන් කැලේ යන්න ඇඳුම් අරන්, බූට්ස් එහෙම දාන් ලෑස්ති වෙලා ආවේ.
මෙන්න එතකොට ඒ ළමයා ඒ ළමයගේ ගෙදරට අල්ලපු ඉඩම පෙන්නනවා.
පොලිස් නිලධාරීන් මූණට මූණ බලාගන්නවා.
ඊට පස්සේ පොලීසිය ඒ ඉඩමට ගිහින් අයිතිකාරයාගෙන් ප්‍රශ්න කළා.
ඉඩමේ අයිතිකාරයා ඔප්පුව ගෙනත් දුන්නා. වසර තිහක පත්තිරු එක්ක. ඔහු මිලට අරන් තියෙන්නේ 2020දි. අපේ අතට ඔප්පු එන්නෙත් එහෙමයි.
ඊට පස්සේ STF එක අඩවි වන නිලධාරියාට සහ මධ්‍යම පරිසර අධිකාරියට කතා කරනවා. ඒ ඉඩම සිංහරාජ මායිමෙන් කිලෝමීටර් 13ක් ඈත බවත්, පුද්ගලික ඉඩමක් බවත් ඔවුන් තහවුරු කරනවා.
එවැනි ඉඩමකට පැමිණිල්ලක්, වරෙන්තුවක් නොමැතිව ඇතුළු වීමට පවා නෛතික බලයක් පොලීසියට නෑ. ඉතින් පොලීසිය තෙල් පුච්චන්, මහන්සි වෙලා ගිහින් ආපහු හැරිලා එනව. ඔය වැඩේ වෙන වෙලාවෙම භාග්‍යාගේ ඇතුළට වෙලා ෆෝන් එක ඔබ ඉන්නවා. අඩුම තරමේ එළියට ඇවිත් පොලීසිය එක්ක ඉඩමට යන්න ආවේ නෑ. වෙනත් ඉඩම් එළි වෙනවද ඇහුවම තනි වචනෙන් ‘නෑ’ කියාගෙන ආයේ ඇතුළට යනවා.
ඊනියා පරිසර ප්‍රේමේ තිබුණේ, බොරු කඳුළු තිබුණේ කැමරාව ඉස්සරහා විතරයි.
ඔන්න ඕකයි වුණේ.

ඉතින්,
මේ ඒකට ලැබුණ උත්තර කීපයක්.
“ඔයා කොහේ ඉඳන් ලියනවද නම් දන්නෙ නෑ. මම උදේ හවස සිංහරාජ අඩවියට යන එනවා. දෙණියාය පැත්තෙ මිනිස්සු දන්නව ඇත්ත තත්ත්වෙ. ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ කියල විතරක් කියන්නම්”

ඒක දාල තියෙන්නෙ ශෂික මධුෂාන් පතිරණගේ කියලා කෙනෙක්.

කොහොම නමුත් මතක තියාගන්න මේක සිරස හොඳ ද නැද්ද කියන එක ගැන ප්‍රශ්නයක් නෙමේ. ඒක අපිට වැඩක් නෑ. ඒත් කැලේ කපනවද නැද්ද කියන එක අපිට වැඩක් තියෙනවා. ඔබටත් වැඩක් තියෙනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අල්ලස් කොමිසම පැවරූ නඩු 45ක් ඉල්ලා අස්කරගන්න තීන්දු කරයි

Next Post

ආණ්ඩුව කියන මිල ගණන් චෙක් කරන්න සජබෙ නාරාහේන්පිට ආර්ථිකයට කඩා පනී (VIDEO)

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! I Sri Lanka Latest News

දැරණියගල පනාවල විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයෙන් සභික ධුර 85ක් දිනා ගනිමින් විශිෂ්ට ජයක් අත් කර...

Read more
‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.