ආණ්ඩුව දිනපතාම රටට කියන මිලගණන්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ පවතින්නේද යන්න සොයා බැලීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (22) නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
ඊට හර්ෂද සිල්වා, නලින් බණ්ඩාර, එස්.එම්. මරික්කාර්, හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරු එක්ව සිටියහ.
එහිදී සහල් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ආණ්ඩුව කියන මිල ගණන්වලට පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට නොමැති බවද ඔවුහු පෙන්වා දුන්හ.










