ආණ්ඩුවේ උතුරු පළාත බාරව කටයුතු කරන මැතිඇමැතිවරුන් අතර සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවී තිබේ.
මීට හේතුව වී ඇත්තේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමානදන් මහතා විසින් උතුරේ කෙරෙන සියලුම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙසට යාපනය දිසා ලේකම් කේ. මහේෂන් මහතා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන තිබීමය.
මෙය වාර්තා වීමත් සමග ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඊට සිය දැඩි විරෝධය පළ කොට ඇති බව දැනගන්නට ඇත.
දේවානන්දා මහතා මේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දීමටද පියවර ගෙන ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා උතුරේ සියලුම නිලධාරීන් සාකච්ජාවක් සදහා කැදවා ඇති බවද දැනගන්නට තිබේ.