පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක, පුත්තලම ආසන සංවිධායක එම්. එන්. මොහොමඩ් නස්මි මහතා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී, සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
ඊයේ (29) දින කොළඹදී මෙම සාමාජිකත්වය ලබා ගැනීම සිදු වූ අතර එම අවස්ථාවට පුත්තලම සමගි ජන බලවේගයේ මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතාද එක්ව සිටියේය.
එම්. එන්. මොහොමඩ් නස්මි මහතා පුත්තලම හිටපු නගරාධිපතිවරයෙක් ද වෙයි.










