කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු බාරව සිටින China Communications Construction Company (CCCC), ඇතුළු චීන සමාගම් 24 කට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කොට ඇත.
ඒ අනුව ඇමරිකානු සමාගම්වලට එරට රජයේ බලපත්‍රයක් නොමැතිව මෙම සමාගම් වෙත තම නිෂ්පාදන අපනයනය කිරීම නීති විරෝධී ය.
අමෙරිකානු රජයේ මෙම සම්බාධක පැනවීම කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළේ ඉදිකිරීම් කටයුතු බාරව සිටින චීන සමාගම්වලට දැඩි ලෙස බලපානු ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊට එරෙහිව චීන තානාපති කාර්යාලය ඊට එරෙහිව දැඩි නිවේදනයක්ද නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
‘සම්බාධක මගින් දකුණු චීන මුහුදේ ඉදිකිරීම්වලට සම්බන්ධ සමාගම් සහ පුද්ගලයින් ඉලක්ක කර ගත් අතර, විශේෂයෙන් වන් බෙල්ට්, වන් රෝඩ් වැඩසටහනේ කොටසක් ලෙස කෘතිම දූපත් තැනීම පෙන්වා දිය හැක. තම වැරදි නිවැරදි කර වහාම චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම නතර කරන ලෙස” චීනය එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබේ.
කෘතිම දූපත් තැනීමට සම්බන්ධ චීන සමාගම්වලට එක්සත් ජනපදය සම්බාධක පැනවූ පළමු අවස්ථාව මෙයයි.
එම සමාගම්වල විධායක නිලධාරීන්ට සහ දූපත් ඉදිකිරීමට සම්බන්ධ වෙනත් පුද්ගලයින්ටද අමෙරිකානු වීසා බලපත්‍ර නිකුත් නොකිරීමට අමෙරිකාව තීන්දු කොට ඇත.










