ආණ්ඩුව මේ මොහොතේ ජනතාවගේ ආරක්ෂාව පිළිබද කිසිදු උනන්දුවකින් තොරව මැතිවරණය පැවැත්වීම සදහා කටයුතු කරන බවත්, මේ වෙලාවේ කළ යුත්තේ මැතිවරණ පැවැත්වීම නොව පරීක්ෂණ කරන ප්‍රමාණය ඉහළ නංවා සැබෑ රෝගීන් ප්‍රමාණය සොයාගැනීම බවත් සමගි ජන බලවේගය පෙන්වා දෙයි.
විපක්ෂ නායක කාර්යාලයේ අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ බව අනාවරණය විය.
මෙම හමුවට අජිත් පී. පෙරේරා, නලින් බණ්ඩාර සහ හර්ෂණ රාජපකරුණා යන හිටපු මන්ත්‍රීවරු සහභාගීව සිටියහ.
අජිත් පෙරේරා ආණ්ඩුව කරපු බොරුවක් පෙන්වා දෙයි
මුලු ලෝකයටම සහ අපේ රටට මේ කොරෝනා අභියෝගයට මුහුණ දීමට සිදුවී තිබෙනවා. අපේ රටේ රජය ඒ වගේම රජයේ නිලධාරීන් විශේෂයෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්, ආරක්ෂක අංශ, සහ රටේ පුරවැසියෝ, රජ්‍ය පරිපාලනය හා සම්බන්ධ සියලුම ආයතන සමග යම් මට්ටමකට කොරෝනා පාලනය පිළිබඳ ජයග්‍රහණයක් ලබලා තිබෙනවා. මේ ජයග්‍රහණය ලබාගත්තේ එක් කෙනෙක් හෝ එක් කණ්ඩායමක් නෙවෙයි. මේ රටේ පුරවැසියන් නිලධාරීන් එක්ව කැපවීමෙන් මහන්සි වෙලා. දැන් එසේ තිබියදී ඊයේ දින මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නිවේදනයක් නිකුත් කරනවා වහාම මැතිවරණයට දින නියම කරන්න කියලා. ඔබ දන්නවා නාමයෝජනා ලබා ගැනීමේ අරමුණ සඳහා රට වසා දැමීම පිළිබඳව ගත යුතුව තිබූ අත්‍යවශ්‍ය වූ පියවර යටපත් කරා ප්‍රමාද කරා. දැන් එතකොට මේ තත්වය නිසා අපේ රටේ පුරවැසියෝ යම් අවදානම් තත්වයකට මුහුණ දුන්නා. දැන් ඒ ඉතිහාසය ඉවරයි. දැන් එය නිවැරදි කරගනිමින් අපි ඉදිරියට ආවා. ඒ වගේම මැතිවරණ කොමිසම ඒ වෙලාවේ ඉතාම නිවැරදිව තීරණය කරා මේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළයුතු හොඳම දේ තමයි පාර්ලිමේන්තු මැතිවරණය කල් තැබීම කියන කාරණාව. දැන් ඊයේ වන විට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියනවා, අපි පාලනයක් කරලා තිබෙනවා නමුත් තවමත් කොරෝනා අනතුර රට තුලින් පහව ගොස් නැති බව. හැබැයි ඊයේ දිනයේ රජය ලොක්ඩවුන් කිරීම හා සම්බන්ධව සීමා යම් ප්‍රමාණයකට ඉවත් කිරීමට පියවර ගත්තා. ගරු ජනාධිපතිතුමාගේ එම නිවේදනයේ සඳහන් වෙනවා කිසිම රැස්වීමක් පැවැත්වීම තහනම් කියන කාරණය. නමුත් අග්‍රාමාත්‍යවරයා කියන්නේ වහාම මැතිවරණය සඳහා දින නියම කරනු කියලා. ඇත්තවශයෙන්ම මැතිවරණ කොමිසම කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීම සඳහා එතුමා මේ නිවේදනය නිකුත් කළ බවයි අපිට පෙනී යන්නේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103/2 වගන්තියට අනුව පවත්වන මැතිවරණයක් නිදහස් හා සාධාරණ මැතිවරණයක් විය යුතුයි. එය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේම තහවුරු කරලා දීල තියෙනවා. ඒ නිදහස් හා සාධාරණ මැතිවරණය සඳහා අවශ්‍ය කරන පරිසරය තාම සකස්වෙලා නැහැයි කියන කාරණය වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හැටියට ඊයේ කරපු ප්‍රකාශය අනුව පැහැදිළි වෙනවා. ජනාධිපතිතුමාගේ නිවේදනය අනුව රැස්වීම්, සහ සමාජ ක්‍රියාකාරකම් තහනම්. එතකොට ප්‍රජාතන්ත්‍රවාදීව සාධාරණ නිවහල් මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කරන වාතාරවණය කිසිසේත්ම අද මේ මොහොතේ රටේ නැහැ. හැබැයි එම වාතාවරණය එළැඹුන වාහාම මේ මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ කියන්නේ මේ ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය අවම දින ගණනක් අපේ රටේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාවෙන් පෙන්නලා දීලා තිබෙනවා. ඒ එක් එක් පක්ෂවල අපේකෂකයන්ට කිසිදු බාධාවකින් තොරව එම දින ගණන තමන්ගේ මැතිවරණයට අවශ්‍ය පසුබිම සකස් කරගැනීම සඳහා දිය යුතුයි. ඒ වගේම මැතිවරණ කොමිසමට සහ කොමිසමට සහය ලබාදෙන රජයේ නිලධාරීන්ට සහ මේ අවස්වේ බොහොම අමාරුවෙන් මේ තත්වය පාලනය කර ගැනීමට කැපවීම් කරපු ඒ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු වෙන්න අවශ්‍යයි සහ ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ලැබිය යුතුයි මේ කටයුතු කරන්න.
ඒ වගේම දේශපාලන උවමනාවක් උදෙසා නාලක ගොඩහේවා මහතා ඕස්ට්‍රේලියාවේ තිබෙන සංගමයක් උපයෝගීකරගෙන මේ වෙනුවෙන්ම අලුතෙන්ම වෙබ් අඩවියක් මාර්තු මාසයේ 19 වැනිදා හදලා, ඒ වෙබ් අඩවියේ තිබෙන එකම රිවිව් එක උපුටා දක්වමින් ලෝකයේම නවවැනි තැන අපි ඉන්නවා කියලා ව්‍යාජ වාර්තාවක් හැදුවහම අවංකවම මේ සඳහා දිවි පරදුමට තබා කැපවීම් කළ සියලුම අංශ සහ රටේ පුරවැසියන් අවතක්සේරුවකට ලක්වෙනවා. අපිට තිබෙන තැන හොඳටම ඇති. විය යුත්තේ අපි ඉදිරියට යාමයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවශ්‍යව තිබෙන්නේ ලෙඩ බෝවුනත් මිනිස්සු මැරුණත් අවධානම් තත්වයක් තිබුණත් මොන විදිහකින් හරි මේ මැතිවරණය පැවැත්විය යුතුයි කියන තැන ඉඳගෙන තමයි එතුමා මේ ව්‍යාජ වාර්තා හදලා තියෙන්නේ. මේ සම්බන්ධව වෙනත් ලෝකයේ පිළිගත් ආයතවලට ආපේ රට ගැන ඔවුන් පෙන්වා දී තිබෙන තත්වය වෙනස්. හැබැයි අවසාන වශයෙන් කියන්න ඕනේ මේ වගේ නොමග යැවීම් හරහා ලබාගන්නා ජයග්‍රහන ආපහු හරවනවා කියන එකයි.
ආණ්ඩුවට ඉලෙක්ෂන් ෆස්ට් ටෙස්ට් සෙකන්ඩ් – නලින් බණ්ඩාර
අපිට තිබෙන තොරතුරු අනුව රාජ්‍ය නොවන සංවිධානවලින් නොයෙක් පරිත්‍යාගශීලීන්ගෙන් කොරෝනා පරීක්ෂණ සඳහා ඒ අවශ්‍ය පරීක්ෂණ කට්ටල අපේ රටට ලැබිලා තිබෙනවා. නමුත් ලැබෙන තොරතුරු අනුව තාම මේ පරීක්ෂණ කරලා තියෙන්නේ හාරදාහක් පන්දාහක් පමණ වන සංඛ්‍යාවක්. මේක අපේ රටේ ජනගහණයට සාපේක්ෂව ඉතා අඩු පරීක්ෂණ ප්‍රතිශතයක්. මොකද කොරෝනා වෛරසයේ තිබෙන භයානකකම වෛරසය ඇඟ අතුලේ තියෙනවා, නමුත් එය සෙයාගැනීමට යම් කාලයක් යනවා සහ සමහර අයගේ ඒ වෛරසය තමාගේ ඇඟ තුළම ඒ අය නොදැනම තිබිලා හොඳවෙන අවස්ථා තිබෙනවා. ඒ අය රෝග වාහකයන් පමණයි. ඒ නිසා පරීක්ෂණ වැඩි ප්‍රමාණයක් සිදුවීම තුලින් තමයි අපට කොරෝනා රෝගීන් හඳුනාගැනීමට සිදුවෙන්නේ. .
අපි කියන්නෙ නැහැ මේ පොලිස් ඇඳිරිනීතිය දිගටම පවත්වාගෙන යාමම සුදුසුයි කියලා. අපි කියන්නේ යම් විද්‍යානුකූලව ක්‍රමවේද තුළින් ඒ විද්වතුන්ගේ අධීක්ෂණයෙන්, නිගමනයෙන් යම් ආකාරයකට රට විවෘත කිරීම අවශ්‍යයි. මොකද රටේ කර්මාන්ත රටේ නිෂ්පාදන ඒ වගේම රටේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම රටක් විදිහට ඉතාමත්ම වැදගත්. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ රට ක්‍රියාත්මක වෙනවා වගේ තත්වයක් ඕන වුනාට ඡන්දයක් ඕනේ කියලා. එහෙම කියන පිරිසක් ඉන්නවා නම් මේ වෙලාවේ ඒ තමන්ගෙ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කර කරගන්න කටයුතු කරන පිරිසක්. ඒකෙන් වෙන්නේ කොරෝනා උවදුර රට තුළ ප්‍රචලිත වෙන්න තව තවත් ඉඩ කඩ වැඩි වීමයි. ඒ වගේම අපට වඩා හොඳින් කොරෝනා පාලනය කරන රටක් විදිහට සංගප්පූරුවේ අප්‍රල් 15 වෙන විට කොරෝනා රෝගීන් හිටියේ 3037 අප්‍රෙල් 18 වෙනකොට මේක 5241 දක්වා 72% කින් වැඩි වෙනව. සිංගප්පූරුවත් යම් ආකාරයකට නිෂ්චිතව රට විවෘත කරලා තියෙනවා. හැබැයි ව්‍යාප්තිය වැඩි වෙනවා. ඒ වගේම තමයි ජපානෙත් අප්‍රේල් 12 වෙනකොට රෝගීන් හිටියේ 7370 අප්‍රෙල් 18 වන විට 10296 දක්වා 35% කින් වැඩි වුනා. අන්න එතන තමයි භායානකම තත්වය තියෙන්නෙ. ඉතින් අපි ඇයි මේ වෙලාවේ රටක් විදිහට මේ අවධානම ගන්නේ? අපි අවධානම ගන්නේ මොකටද මැතිවරණයකට බලය වෙනුවෙන්. අපි ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අවධානම ගත්තට කමක් නැහැ. රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැතුව ඉස්සරහට අරන් යන්න අපේ කර්මාන්ත සක්‍රිය කරන්න, අපනයනයන් සක්‍රිය කරන්න අපි යම් අවධානමක් ගත්තට කමක් නැහැ. නමුත් මේ අවධානම ගන්නේ මැතිවරණයක් වෙනුවෙන්. මැතිවරණයක් තියෙනවා කියන්නේ ජනතාව ඒකරාශී වීම වැඩියි. රාජ්‍ය නිලධාරීන්ට විශාල වශයෙන් එක්තරා සීමාසහිත ඉඩ ප්‍රමාණවල් වල වැඩියෙන් වැඩ කරන්න ඒකරාශී වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ දෙයක් මේ වෙලාවේ රටේ ජනතාව ඉල්ලන්නේ නැහැ. විද්වතුන් ඉල්ලන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා එක්තරා ප්‍රකාශයක් කරා මැතිවරණ කොමසාරිස්වරයාට අවධානය යොමුකරමින්, මැතිවරණයක් අත්‍යාවශ්‍යයි කියන කාරණය. හොඳම උදාහරණය එයාලගේ මැතිවරණ අපේකෂකයන් වියත් මගේ නියෝජනයන්ට වඩා ජනතාව අතර ඉඳලා තියෙනවා. එතකොට හැමට ඒ සාධාරණ ඉෂ්ට වෙනවාද මේ ක්‍රමවේදය තුළින්. දැන් මෙහෙම කියද්දී රජයට හිතවත් ඔවුන්ගේ පාක්ෂිකයෝ අපි මොනවාහරි දැම්ම ගමන් සමාජ මාධ්‍ය ජාලවලින් අමු කුණුහරපෙන් බනිනවා ඔන්න මුන් මැතිවරණයට බයේ මුන්ට දැන් අරක වෙලා මේක වෙලා කියලා. යම් මට්ටමකට පාලනය වෙලා තියෙද්දි අපි ඒක ඒ විදිහට ඉස්සරහට අරන් ගියේ නැත්නම් අනෙකුත් රටවලවගේ නැවත මේකේ ව්‍යාප්තිය වැඩි වෙන්න පුලුවන් අනෙකුත් රටවලට සිදුවුනා වගේ. ආණ්ඩුවට සම්බන්ධ කසකාරයෝ මේ දවස්වල ස්ථම්බ ප්‍රස්ථාරයකින් නිශ්චිත ඒකක නැතුව සති දින වෙනස් වෙන ප්‍රස්ථාරවලින් අපි දැක්කා රටට ජනතාවට මේක දැන් හොඳයි කියලා ඒත්තු ගන්වන්න කරන උත්සාහය. මාධ්‍යවලට අපි කියනවා එහෙම වෙන්න එපා කියලා. අපිට පේනවා මේ වෙලාවේ පරීක්ෂණ කිරීම අවම වෙලා තියෙනවා. එසේ කරන්නේ කොරෝනා රෝගීන් මතුවීම අවම කර පෙන්වීම සඳහා. මේගොල්ලන්ට ඉලෙක්ෂන් ෆස්ට් ටෙස්ට් සෙකන්ඩ් වෙලා කියලා. අපි කියන්නේ ටෙස්ට් ෆස්ට් ඉලෙක්ෂක් සෙකන්ඩ් කියලා.
5000 අවුලක් හර්ෂණ පෙන්වා දෙයි
මම අහනවා මේ කොරෝනා හැදෙන්නේ රෑ අටෙන් පස්සෙද? පාන්දර පහෙන් පස්සේ කොරෝනා යනවද? දවල් කාලයේ මේ කොරෝනා හැදෙන්නේ නැද්ද? ඉතා පැහිදිළිවම මෙතනදී උවමනාව තියෙන්නේ ජනතාව බිල්ලට තියලා හරි මැතිවරණයකට යන්න. ඉතා පැහැදිළිවම ඒ කටයුත්ත එදා වුණා නාමයෝජනා දෙනකොටත්. විපක්ෂයක් හැටියට අපි දිගින් දිගටම කිව්වා මැතිවරණයක් පවත්වන එක නෙවෙයි මේ වෙලාවේ සුදුසු අපි රට ගැන හිතමු කියලා. ඒ ගැන හිතන්නේ නැතුව නාමයෝජනා කැඳෙව්වා. ඊට පස්සේ මැතිවරණ කොමිසමට පින්සිද්ධ වෙන්න ඒක කල් තිබ්බා. අපිට ආරංචියක් ලැබිලා තියෙනවා හෙට මැතිවරණ කොමිසම හමුවෙනවා කියලා. අපි ඉල්ලීමක් කරනවා මැතිවරණ කොමසාරිස්තුමාගෙන් මේ රටේ ජනතාව ගැන හිතලා තීරණ ගන්න කියලා. අපිට දැන් මේ රටේ ඉන්න එකම භාරකරු සහ ප්‍රාර්ථනාම මැතිවරණ කොමිසම විතරයි. මොකද ජනාධිපති, අගමැති සහ ඇමතිවරුන්ට තියෙන එකම රුදාව ජනතාව බිල්ලට තියලා හරි මැතිවරණයකට යන්න. අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුව කැඳවලා රට වෙනුවෙන් අපි තීන්දු තීරණ ගමු.
තව කාරණයක් තියෙනවා මේ ලබා දෙන රුපියල් 5000 ගැන. එය සම්පූර්ණයෙන්ම දේශලණීකරණය වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ රජය එම කමිටුවට බැසිල් රාජපක්ෂ මහතාව පත් කරලා තියෙනවා, ඔහු දේශපාලන පක්ෂයක ජාතික සංවිධායකවරයෙක්. එතුමාගේ උපදෙස් අනුව තමයි ඉතා පැහැදිළිවම මේ දේශපාලනීකරණය සිදුවෙලා තියෙන්නේ ගම් මට්ටමින්. ආණ්ඩුවට හිතවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පළාත්පාළන නියෝජිතයින් තමයි මේ ක්‍රියාවලියට ප්‍රධානත්වය ගන්නේ. ඇඳිරිනීතියට දන් දවස් 30 ක් ගත වෙලා තියෙනවා. දෛනික වැටුප් වලින් ජීවත් වෙන මිනිස්සුන්ට දවස් 30 ක් ගතවෙලත් සාධාරණව රුපියල් 5000 ක් ලබා දෙන්න බැරිවෙලා තියෙන ආණ්ඩුවක් මේක. මෙහෙම ආණ්ඩු කරන්න පුලුවන්ද? කොහොමද ජනතාව ජීවත් වෙන්නේ. අපි ඉල්ලුවේ සතියකට පවුලකට රුපියල් 5000 ක් ලබා දෙන්න කියලා. මේගොල්ලන්ට දින 30 ක් ගිහිල්ලත් රුපියල් 5000 දීගන්න බැරිවෙලා තියෙනවා. වැඩිහිටි දීමනාව 2000 දෙනකොට ඒකටම තව 3000 ක් එකතු කරලා දීලා ඒ අයට. සමෘද්ධිය රුපියල් 3000 ක් දෙනවා නම් ඒකටම තව රුපියල් 2000 ක් එකතු කරලා රුපියල් 5000 දීලා තියෙන්නේ. එතකොට අනික් අයට දෙනවා කිවුවට තාමත් නම් ගන්න එක විතරයි කරන්නේ. රැකියාවක් කරගන්න එළියට බැහැගන්න බැරුව දවස් 30 ක් ගතවෙලා තියෙනවා. ඒ අයට තාම රුපියල් 5000 දීගන්න බැරිවෙලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා රජයේ නිලධාරීන්ට දෙන්න මේ දේ කරන්න. රජයේ නිලධාරීන් ඉන්නවා ගමක තුන් හතර දෙනෙක්වත්. ප්‍රාදේශීය ලේකම්වරුන් ඉන්නවා දිසාපතිවරුන් ඉන්නවා, අමාත්‍යංශ ලේකම්වරු ඉන්නවා ඒ අයට නිදහස සහ අවස්ථාව දෙන්න ස්වාධීනව මේ කටයුත්ත කරන්න කියලා මම රජයෙන්
ඉල්ලා සිටිනවා.










