අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා සොයාගෙන තමන් ද ළඟදීම යන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
තෙවරප්පෙරුම මහතා සමග තමන් ළඟදි ලොකු වැඩක් කිරීමට සැලසුම් කර තිබූ බවත් නමුත් එය කිරීමට අවස්ථාවක් නොලැබූ බවත් ඒ මහතා පැවසීය.
ADVERTISEMENT
තමන් එනතුරු බලා ඉන්නැයිද තෙවරප්පෙරුම මහතාගෙන් ඉල්ලා සිටින බව කී ඔහු පරක්කු වැඩි නම් තමන්ද කැඳවාගන්නැයි මාරයාගෙන් ඉල්ලන්නැයිද කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදීය.