ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 7ම පොහොට්ටුවට ජයග්‍රහණය කර දුන්නද මේ දිනවල එහි ප්‍රධාන සංවිධායකවරිය වන ගීතා කුමාරසිංහ මහත්මිය දැඩි කලකිරීමෙන් සිටින බව දැනගන්නට ඇත.
ඊට හේතුව වී ඇත්තේ ඇල්පිටිය ජයග්‍රහණය කර දුන්නද පොහොට්ටුවේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කිසිදු ප්‍රධාන රැස්වීමක් ඇල්පිටිය ප්‍රදේශයට ලබා නොදීමය.
මේ සම්බන්ධයෙන් ඇය බැසිල් රාජපක්ෂ මහතාට පැමිණිලි කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු රැස්වීම් සංවිධාන කරනු ලබන්නේ රමේෂ් පතිරණ මහතා විසිනි.










