තමන් දැනට රැදී සිටින පැජට් පාරේ නිල නිවෙස විශ්‍රාම යාමෙන් පසුවද භාවිත කළ හැකි පරිදි කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගැනීමට ඉකුත් අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩලයේදීී ජනාධිපතිවරයා කටයුතු කළද එය නීති විරෝධී බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
ව්‍යවස්ථාවට අනුව විශ්‍රාම යන ජනාධිපතිවරයකුට නීතියෙන්ම වරප්‍රසාද රැසක් හිමි අතර ඊට නිල නිවෙසක්, නිල වාහන, ආරක්ෂක භටයන් සහ ඉන්ධන දීමනාද අන්තර්ගතය.
ඒ අනුව සෑම විශ්‍රාමික ජනාධිපතිවරයකුටම හිමිවන්නේ එම වරප්‍රසාද පමණි.
නමුත් ජනාධිපතිවරයා විශ්‍රාම යාමට හරියටම මාසයක කාලයක් තියා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් මගින් තමන් රැදී සිටින පැජට් පාරේ අතිසුඛෝපභෝගී නිවෙස හා විශේෂ කාර්ය බළකා සෙබලුන්ගේ ආරක්ෂාව ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.
එය සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව නීති විශාරදයන්ගේ මතය වී තිබේ.










