ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතා පෞද්ගලික හේතුවක් මත අදාළ තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.
කෙසේවෙතත් මීට දින කිහිපයකට ඉහතදී මාරසිංහ මහතාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණු අතර මෙම ඉල්ලා අස්වීම හා එම ඡායාරූප අතර යම් සම්බන්ධයක් තිබේද යන්න පිළිබදව මේවනවිට විශාල කුතුහලයක් දේශපාලන අංශ අතර මතුව තිබේ.










