කොරෝනා රෝගීන් පිළිබද වාර්තා කිරීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණෙන ආකාරයට වාර්තා කිරීමෙන් වළකින ලෙසට ආරක්ෂක අමාත්‍යංශය සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්ට දැනුම් දී ඇත.
පසුගිය කාලය පුරාම ඇතැම් මාධ්‍ය කොරෝනා වැළදුණු පුද්ගලයන් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නා ආකාරයට සිය මාධ්‍ය නාළිකා ඔස්සේ විකාශය කිරීම මුල් කොට ගෙන රෝගීන් සිය රෝග තත්ත්වය වසං කොට සිටීමට කටයුතු කිරීමත්, රෝගීන්ගේ නිවෙස් සහ ඥාතීන් පිළිබද වාර්තා කරමින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමත් මේ සදහා බලපා ඇති බව දැනගන්නට තිබේ.
එවැනි සිදුවීම් වාර්තා කිරීමට කටයුතු කිරීම පවා සෞඛ්‍ය බලධාරීන්ගේ රාජකාරියට බාධාවක් බවද ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දී ඇත.
ඒ අනුව මින් ඉදිරියට කොරෝනා රෝගීන් සොයන මෙහෙයුම් සදහා මාධ්‍ය කණ්ඩායම් යෙදවීමෙන් වළකින ලෙසද ආරක්ෂක අමාත්‍යංශය සියලු මාධ්‍ය ආයතන වෙත දැනුුුුම් දී තිබේ.











