ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් මුණ ගැසීමට ගිය අවස්ථාවේ සිදු වූ කතාබහ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සිය නිවෙසේ මාධ්‍ය හමුවක් පවත්වා නැවත පැහැදිලි කිරීමක් කළේය.
එහිදීිදී ඔහු කියා සිටියේ තමන් එහි යන අවස්ථාවේ නාහිමියන් කේන්තියෙන් සිටි බවයි.
ඒ නිසා උන්වහන්සේ සමග එකඟ වෙමින් කරුණු පැහැදිලි කර දීමට තමන්ට සිදු වූ බව ද ඔහු පැවසීය.
ගැටබේ හිමියන් බැහැදැකීමට උන්වහන්සේගේ ජන්ම දිනයේ ද එහි ගිය එස්.බී. දිසානායක මහතා කියා සිටියේ ජනාධිපතිතුමා කියන කිසි දෙයක් සිදුවීමන්නේ නැති බවත් රාජ්‍ය නිලධාරීන් ඒවා සිදු නොකරන බවත්ය.
මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද එස්.බී. දිසානායක මහතාගේ ප්‍රකාශය දැඩිව හෙළා දකිමින් ජනහමුවක අදහස් පළ කළේය.










