මේ වනවිට පාර්ලිමේන්තු පරිශ්‍රය අවට දියවන්නාවෙහි එක් කොටසක් පුරා ජලය කහ පැහැයට හුරු අවපැහැයක් ගෙන ඇති අතර එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
මේ තත්ත්වය පිළිබඳව ඒ මහතා පාර්ලිමේන්තුවේදී ද විශේෂ අවධානය යොමු කළේය.
කෙසේ වෙතත් පසුගියදා (24)ද පෙරවරුවේ පාර්ලිමේන්තු සභාවාරයට පැමිණෙන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දියවන්නාවෙහි ජලය අවපැහැයට හැරී ඇති බවට නිරීක්ෂණය වූ අතර එදින මේ පිළිබඳව විමසන විට කතානායකවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පොකුණ පිරිසිදු කළ ජලය දියවන්නාවට මුදා හල නිසා මේ තත්ත්වය වූ බවය.
එහෙත් අද ඔහු ඊට වඩා පරස්පර කතාවක් කීවේය.
එදා සජිත් මේ පිළිබදව ආණ්ඩුවේ අවධානය යොමු කරද්දී ආණ්ඩුව හැසිරුණේ මේ ආකාරයටය.










