රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දෙනු ලැබීය.
අද (09) උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයා දිවුරුම් දුන්නේය.
2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මැතිවරණයේදී මනාප ඡන්ද 47,212ක් හිමිකර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව තිබිණ.










