රජය මගින් ඉදිරිපත් කිරීමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හරහා ත්‍රස්තවාදයට පුළුල් අර්ථ කථනයක් ලබාදීම තුළින් ජනතාවගේ මූලික අයිතීන්වලට බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පෙන්වාදෙන්නේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ නීත්‍යානුකූල විරෝධය දැක්වීමක් අතර වෙනස හඳුනාගැනීම දුෂ්කර වන බවය.










