මහමැතිවරණයේදී ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලැබී ඇති බව කීම පට්ටපල් බොරුවක් බවත්, 20 වන සංශෝධනය සම්මත කර ගැනීම සදහා ආණ්ඩුවට විපක්ෂයෙන් මන්ත්‍රීවරු දෙතුන් දෙනකු බා ගැනීමට සිදු වනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කළේය.
ඒ අනුව ආණ්ඩුවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබා දීමට සිදු වනු ඇති බවත්, ඒ හරහා යළිත් මේ රට 2015ට පෙර පැවැති තත්ත්වයට වැටෙනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.