• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ සියලුම ක්‍රීඩා පිටි සුද්ද කරන්න මාස 3ක් දෙයි

September 16, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
ප්‍රේමලාල් ජයසේකර ගැන ගෝඨා පළමු වරට කතාකරයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ක්‍රීඩාව තරුණ පරපුරේ භාෂාවයි. අධ්‍යාපනයට සමගාමීව දරුවා ක්‍රීඩාවට යොමු කිරීමෙන් පරිපූර්ණ පුරවැසියකු සමාජයට දායාද කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ අමාත්‍යාංශවලට ඒ වෙනුවෙන් විශාල වගකිමක් පැවරී ඇතැයි  ජනාධිපතිවරයා කීය.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, යටිතල පහසුකම්, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (16) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

දිවයින පුරා පාසල්වල ක්‍රීඩාවට දක්ෂතා දක්වන දරුවන් කුඩා කලම තෝරාගෙන ඔවුනට අවශ්‍ය නිසි පෝෂණය සහ ජාතික සහ අන්තර්ජාතික පුහුණුව ඇතුළු පහසුකම් සලසන වැඩසටහනක අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

ග්‍රාමීය පාසල්වලට ක්‍රීඩා පිටි දෙන ලෙස ඉල්ලා සිටියද, ඒවා ඉදිකර දීමෙන් පසු නඩත්තු නොකෙරෙන බව බොහෝ ස්ථානවලදී දක්නට ලැබුණු බව ජනාධිපතිතුමා පැවසීය. තණකොළ කැපීම ඇතුළු ඉතා පහසුවෙන් කළ හැකි නඩත්තු  සඳහා එතරම් මුදලක් වැය නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. 

සියලු දිස්ත්‍රික්කවල පාසල්වල ක්‍රීඩා පිටි නඩත්තුව සඳහා වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ක්‍රීඩා පිටි නඩත්තු කිරීමේ හැකියාව පළාත් පාලන ආයතන සතුව ඇත. තෙමසක් ඇතුළත දිවයිනේ සියලු ක්‍රීඩා පිටි අලංකාරවත් ලෙස පවිත්‍ර කර දෙන්නැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

කොළඹ 07, ටොරින්ටන් මාවතේ පිහිටි ජාතික ක්‍රීඩා විද්‍යායතනය දියගම ක්‍රීඩා සංකිර්ණ පරිශ්‍රය සමග බද්ධ කොට අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමට කුඩා දරුවන් සෙල්ලම් කරන තැන් සොයා ගොස් ක්‍රීඩා පිටි සකස් කළයුතුව ඇතැයි නාමල් රාජපක්ෂ මහතා කීය.

ප්‍රධාන ක්‍රීඩා පිටි එක් ආයතනයක් යටතේ පවත්වාගෙන යාම, අංග සම්පූර්ණ ක්‍රීඩා පාසල් 25ක් ස්ථාපනය, ක්‍රීඩා පනතට නව යෝජනා ඇතුළත් කිරීම සහ නව පනතක් සම්පාදනය, ක්‍රිඩාවේ උන්නතිය උදෙසා පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීම වැනි කාර්යයන්ට ගත වූ මාසය තුළ සිය අමාත්‍යාංශය අවධානය යොමු කළ බව අමාත්‍යවරයා පැවසීය.

ප්‍රාදේශීය වශයෙන් ක්‍රීඩාව දියුණු කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පෙන්වා දුන්නේය.

ග්‍රාමීයව වැඩිම ආකර්ශණයක් ඇති සහ ඒ ඒ පළාත්වල ජනප්‍රිය ක්‍රීඩා හඳුනාගෙන  දක්ෂ ක්‍රීඩකයන් කඩිනමින් පුහුණු කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

ක්‍රීඩා ශ්‍රේණිගතකර අන්තර්ජාතික තරග සඳහා යොමු කළ හැකි පිරිසක් පුහුණු කිරීමේ වැදගත්කම ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර මහතා පෙන්වා දුන්නේය.

විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ දී ක්‍රීඩා දක්ෂතා වෙනුවෙන් ලකුණු දීමේ ක්‍රමය ප්‍රචලිත කිරීමට සහ විශ්ව විද්‍යාල තුළින් ජාතික තලයේ ක්‍රීඩකයන් බිහි කිරීමට ඇති හැකියාව සංගක්කාර මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

සුගතදාස ක්‍රීඩා අධිකාරියේ පූර්ණ ප්‍රතිව්‍යුහකරණය පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ඔලිම්පික් පදක්කම් දිනාගත හැකි ක්‍රීඩා ලෙස හඳුනාගෙන ඇති දුනු විදීමේ සහ ඉලක්කයට වෙඩි තැබීමේ  ක්‍රීඩා පාසල් මට්ටමේ සිට ප්‍රගුණ කිරීමේ ඉඩකඩ ද සාකච්ඡා කෙරිණ.

විවිධ ක්‍රීඩා  සඳහා දක්ෂතා දක්වන ලෝකයේ සෙසු රටවල වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ධජය යටතේ එක් වන්නැයි කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඉල්ලා සිටියහ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ, ක්‍රීඩා සංගම් නියෝජිතයෝ සහ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ආණ්ඩුවට යන දෙන්නා කව්ද? (VIDEO)

Next Post

‘ගෝඨා-මහින්ද හිතවතුන්ගේ’ ළමයි පාසල්වලට ගන්න එපා

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.