ව්‍යාපාරවලින් ලාබ ලැබීමට නම් එම ව්‍යාපාර සිදු කළ යුතු ආකාරය පිළිබදව දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර මහතා පසුගිය දිනෙක අපූරු දේශනයක් සිදු කර තිබිණ.
බුද්ධ දර්ශනයෙන් කරුණු උපුටා ගනිමින් සිය දේශනය සිදු කළ දිලිත් ජයවීර මහතා ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයකදී ප්‍රාග්ධනය ආරක්ෂා කර ගත යුතු බව පෙන්වා දුන්නේය.
එමෙන්ම රථවාහන, නිවාස, මංගල උත්සව වැනි දෑ සදහා ව්‍යාපාරයේ ලාභ යොදා නොගත යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.










