අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් ගණනක් තිබෙන බවත් ඒ සඳහා විශාල වියදමක් දරා අනතුරු සංඥා පද්ධතියක් සවි කරන්න මේ අවස්ථාවේ රජයට නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීමට සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් සූදානම් බවයි.Sri Lanka Latest News
ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබෙන තෙක් එම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන ලද ඇස්තමේන්තුව ලබා දෙන ලෙසත් කඩිනමින් ඊට සහාය ලබා දීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.










