සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට අද (09) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර ඇත.
ඒ, පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නිශ්ශංක සේනාධිපති යන අය සම්බන්ධ බවට කර තිබූ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීමටය.
ඊයේ දින මේ සදහා පැමිණෙන ලෙසට කර දැනුම් දීමක් කර තිබුණද ඊයේ දින ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ නොතිබිණ.
පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් මෙම පැමිණිල්ල කර තිබිණ.










